ඓතිහාසික අනුරපුරය

එන්න ඓතිහාසික අනුරපුර අසිරිය විදින්න. ඔබට ඡය ශ්‍රී මා බෝ සමිදු පිහිටයි..................

පොසොන් පොහොය

                                     

බුද්ධ වර්ෂ 236 පොසොන් පුර පසලොස්වක පොහෝදා අනුබුදු මුහිදු මහ රහතන් වහන්සේ ලක්දිවට ථෙරවාදි බුදු සමය හදුන්වා දුන්හ. උන්වහන්සේ සමග ඉට්ඨය. උත්තිය. සම්බල. භද්දසාල යන රයතන් වහන්සේලා 4 නමක් . ෂඪ අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්. භණ්ඩුක නම් අනාගාමී උපාසකත් යන රාජකීය. ධර්මධුත පිරිස මෙහි සැපැත් වුහ.

මෙම මහින්දාගමනය සිදු වුයේ 3 වෙනි මහා ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙනි. මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රාහකත්වයෙන් පැවති එම 3 ධර්ම සංගායනාවෙන් සිදු වු මා හැගි ප්‍රතිඵලය නම් එතෙක් දඹදිව සීමිත ප්‍රදේශයක පමනක් පැවති බුදු දහම එවකට දැන සිටි රටවල් 9 ට ධර්මදුතයන් මාර්ගයෙන් ප්‍රචාරය කොට හැරීමයි. ඒ අනුව  ලක්දිව කෙරෙහි සුවිශේෂි අවධානයක් යොමු කල ධර්මාශෝක අධිරාජයා ස්වකීය පුත්‍රයා වු මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ රාජකීය දුත පිරිසක් මෙරටට පිටත්කොට හැරීය.
                        දඹදිව වේදිසගිරි නුවරින් ලක්දිව අනුරාධපුරයේ මිහින්තලයට සැපැත් දුත පිරිසට එහිදි දේවානම්පියතිස්ස රජ මුණ ගැසිනි. මිහිදු මහරහතන් වහන්සේ මහරජුට ස්වකීය ධූත පිරිස මෙසේ හදුන්වා දුන්හ.
         සමණාමයං මහාරාජා             
         ධම්මරාජස්ස සාවකා
         තමෙව අනුකම්පාය
         ජම්බුදීපා ඉධාගතා
මහරජතුමනි. ශ්‍රමණයන් වන අපි ධර්ම රාජයාණන් වු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු.නුඹලාට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු.
      දඹදිව සිට කෙසේ පැමිණිමාහු දැයි රජු ඇසු ප්‍රශ්ණයට මිහිදු මහරහතන් වහන්සේගේ ලිහිල් පිළිතුර වුයේ  දියෙන් හෝ ගොඩින් හෝ නො ආම්හ. යන්නයි.එම පිළිතුර රජු තේරුම් ගත් බැවු දත් මිහිදු මහ රහතන් වහන්සේ රජුගේ බුද්ධි මට්ටම පරික්ෂා කිරීමට ප්‍රශ්න කීපයක් ඇසුහ. ළගම තිබු අඹ ගසක් රජුට පෙන්වු මිහිදු මහ හිමි මේ කිනම් ගසක් දැයි ඇසීය. එවිට රජු මේ අඹ ගසකැයි පිළිතුරු දුන්නේ ය. මිහිදු මහ හිමි මේ අඹ ගස් හැර තවත් අඹ ගස් තිබේද?
      රජු : එසේය, බොහෝ අඹ ගස් තිබේ.
      මිහිදු මහ හිමි : මේ අඹ ගසත් අනෙක් අඹ ගසුත් හැර තවත් අඹ ගස් තිබේද?
      රජු : එසේ ය. තවත් බොහෝ ගස් තිබේ.
      මිහිදු හිමි : ඒ අඹ ගසුත් අඹ නොවන ගසුත් හැර තවත් ගස් තිබේ ද?
      රජු : එසේ ය. ඒ මේ අඹ ගසය.
බාහිර ලෝකයේ දක්නට ඇති උදාහරණයක් මුල් කරගෙන සිදු කල මෙම සාකච්චාවෙන් රජුගේ තර්ක බුද්ධිය පිළිබද සෑහිකට පත් මිහිදු හිමි පසුව විමසුවේ රජු කේන්ද්‍ර කර ගත් ප්‍රශ්නයකි.
       මිහිදු හිමි : නුඹට නෑයෝ සිටිත් ද?
       රජු : එසේ ය. බොහෝ නෑයෝ සිටි.
       මිහිදු හිමි : නොනෑයොත් සිටි ද?
       රජු : නොනෑයොත් බොහෝ සිටි.
       මිහිදු හිමි : නෑයොත් නොනැයොත් හැර තවත් අය සිටිත් ද?
       රජු : ස්වාමීනි. ඒ මම වෙමි.                   

 මෙසේ සිදු කළ විධිමත් බුද්ධි පරීක්ෂණයෙන් පසු මිහිදු හිමියනට දේවානම්පියතිස්ස රජු මනා බුද්ධිමතෙකු බව අවබෝධ විය. අනතුරුව පිරිස් සහිත රජුට ‍තෙරුවන් පිළිබදවත් බෞද්ධ චින්තනය පිළිදවත් හදුන්වාදීමට චුල්ලහත්ති පදෝපම සුත්‍රය දේශනා කලේය. දේශනාවසානයෙහි රජු ප්‍රමුඛ සතලිස් දහසක් පිරිස තෙරුවන් සරණ ගියහ.
මහින්දාගමනයේ දෙවැනි දිනයේ දී රජ ගෙදරදී  පේතවත්ථු, විමානවත්තු, සච්චසංයුත්තාදිය, මුල් කරගෙන ධර්ම සංගායනා පැවැත්වීය.
මුල් දිනයෙහි ධර්ම ධුතයන් වහන්සේලා දුටු මිනිසුන් සිය අසල් වැසියනට ඒ ගැන දැන් වු හෙයින් මෙම දෙවන දින බණ ඇසුමට දහස් ගණනින් ජනයා රජ මැදුරට එක්රැස් වුහ. ඒ සියලු දෙනාට රජ මැදුර ඉඩ මද වු හෙයින් රජු මගුල් ඇත්හල සරසා එහි අසුන් පැනවීය. ඉක්බිතිව මිහිදු මහරහතන් වහන්සේ පිළිවෙලින් දේව දුත බාල පණ්ඩිත,  ආසිවිසෝපම,  අනවතග්ගිය ධම්මචක්කප්පවත්තන යනාදි සුත්‍ර දේශනාවන් පවත්වා දහස් ගණනින් ජනයා මාර්ගඵල ලාභයට පත් කරවුහ. මිහිදු මහ හිමි ප්‍රමුඛ ධර්මධුතයන් වහන්සේලාගේ වාසස්ථානය සදහා ‘මහමෙවුනා උයන’ පුජා කළ රජුන් උන්වහන්සේ සමගම එම උයන වටා ඇවිද  සීමා මාලකාදිය පිහිටවිය යුතු තැන් නියම කරවා ගත්හ. දුත පිරිස සමග සැපත් භණ්ඩුක කුමරු පැවිදි උපසම්පදා කිරීමෙන් ලංකාවේ මුල්ම උපසම්පදාවද ඇරඹිණි.
    මෙසේ අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ ථෙරවාදී බුදු සමය මෙරටට හදුන්වා දීමත් සමගම එතෙක් පැවති  සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනය වු බව මේ අනුව පැහැදිලිය. මහින්දාගමනය ලක්වැසි ජනතාවට නව ජීවන දර්ශනයක් හදුන්වා දුන් වැදගත්ම ඓතිහාසික සිදුවීම වේ. මෙහිදී මිහිදු මා හිමි සිදු කලේ ප්‍රාග් බෞද්ධ යුගයේ ලංකාවේ පැවති සංස්කෘතිය වටහාගෙන එහිම හරවත් පරිවර්තනයක් සිදු කිරීමයි.මෙහි ප්‍රතිඵලය වුයේ එකල වෟක්ෂ දේවතාවුන් ඇදහුවෝ බෝධි වන්දනාව හා බෝධි පුජා සිදු කිරිමට පෙළබුණි. ගිණි දෙවියන් පිදුවෝ බුදුරදුන් පිදුහ. මළවුන් ඇදහු අය මළවුන්ට පින් අනුමෝදන් කරවීමෙන් එම යුතුකම් සිදු කළය. ගල් පර්වත වලට වන්දනා මාන සිදු කලෝ චෛත්‍ය හා බුදු පිළිම වලට වන්දනා කිරීමෙන් ස්වකීය අධ්‍යාත්මික පාරිශුද්දත්වය සලසා ගත්හ. දෙවියන් ඇදහු අය දෙවියන්ට පිං දීමට පුරුදු වුහ. මේ අනුව පැහැදිලි වන්නේ අනවබෝධය නිසා යම් යම් නිරර්ථක ආගමික සංස්කාරක විධීන් හුරු පුරුදු වු ජනතාව බුද්ධියේ නිම් වළලු පුළුල් වීමත් සමගම හරවත් ආමිස හා ප්‍රතිඵත්ති පුජාදිය කෙරෙහි කෙමෙන් කෙමෙන් නැඹුරු වු බවයි. අප ශ්‍රී ලංකාද්වීපයේ භාෂා සාහිත්‍ය, චිත්‍ර මුර්ති කැටයම් ගෘහ නිර්මාණ ශිල්පය යනාදියෙහි පදනම මහින්දාගමනයයි.  අප සිංහල අක්ෂර සම්ප්‍රදාය ද තත්වයට හැඩ ගැසුණේද එහි ප්‍රතිඵලයක් ලෙසයි.මහින්දාගමනයෙන් පසුව සංඝමිත්තා රහත් තෙරණිය ශ්‍රී මහා බෝධීයේ දක්ෂිණ ශාඛාවත් සමග සිරි ලකට වැඩමවීම නිසාද අපට උරුම  වු සංස්කෘතික දායාද රාශියකි.තවත් අතකින් බැලු කල මහින්දාගමනයත් සමගම අපට උරුම වුයේ එවකට ලෝකයේ පැවති විශිෂ්ඨතම කළා සම්ප්‍රදාය වු මෞර්ය කලා සම්ප්‍රදායයි.බෞද්ධ කලාවේ පෝෂණයට ඉන් ලැබුණේ සුවිශේෂි දායකත්වයකි.
      සදකඩ පහණ වාහල්කඩ වැනි කලා නිර්මාණ සේම මහා කලු ගල් වලට පණ පෙවු සමාධි පිළිමය  අවුකන පිළිමය වැනි විශ්ව කළාවේ සමතැන් ගන්නා අග්‍රගන්‍ය කලා කලා කෘතිය නිම වුයේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙසයි. මහින්දාගමනයත් සමග වැවයි දාගැබයි කෙතයි යන සංස්කෘතික සබැදියාවත්,ථෙරවාදී බුදු සමයේ කේන්ද්‍රස්ථානය ලංකාව බවට පත් වීමත් අපගේ අනන්‍යතා ලක්ෂණ මනාව මුර්තිමත් වන අවස්ථාවන් ලෙස නම් කළ හැක. මහින්දාගමනයත් සමගම අපට උරුම වු කළා නිර්මාණ මතු අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීම සදහා ක්‍රියා කිරීමට මෙම පොසොන් පොහොදා අපි තරයේ අදිටන් කර ගනිමු.
                        මෙම අසිරිමත් පොසොන් උත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් අනුරාධපුර නගරයේ  පැවැත් වෙන අතර සැදැහැති ජනතාව වන්දනා මාන කර ගැනීමට නොයෙක් දෙසින් අනුරපුර නගරයට පැමිනෙති. ජනතාවගේ සිත් සතන් ඒකාලෝක කිරීමේ අරමුණින් මේ ප්‍රදේශයේ සෑම පුජා භූමියකම පාහේ සීල ව්‍යාපාර, භාවනා වැඩ සටහන්, ධර්ම දේශනා, ධර්ම සාකච්චා, ආලෝක පුජා ආදී නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක වේ. අනුරපුර උත්කර්ෂවත් අන්දමින් පවත්වන මෙම පොසොන් උත්සවය දැක බලා ගැනීමට ආගමික කටයුතු වලට සම්බන්ධ විමට පැමිනෙන ජනතාවගේ විඩාව සංසිදවීම සදහා දහස් සංඛ්‍යාත නොයෙක් ආකාර දන්සල් භක්ති ගීත වැඩ සටහන් තොරන් අපට දැකගත හැක. එක්රැස් වන ජනතාවගේ ප්‍රමාණය අධික වීම නිසාම නොමිලේ ප්‍රවාහන සේවා ද මෙම පොසොන් සතිය තුල අනුරපුර නගරයේ දක්නට ලැබේ.මෙම ඓතිහාසික නගරයට පැමිනෙන ඔබ මෙම පුජා භුමිය වන්දනාමාන කර ගන්නා අතරම එය පිරිසිදුව තබා ගැනීමටද කාරුණික වන්න.

ථුපාරාමය

             ථුපාරාමය

දැන් අපි ථුපාරාමය ගැන දැන ගනිමු ද? මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ පාලකයා වු දේවානම්පියතිස්ස රජතුමා විසින් (ක්‍රි.පු 250-210) බුුුුදු දහම ලක්දිවට හදුන්වාදුන් අවස්ථාවේ මෙම ථුපය කරවන ලදී.බුදුන්වහන්සේගේ දකුණු අකුධාතුව නිධන් කොට මෙම ථුපය සාදවා ඇත. මෙම නිධාන කිරීමත් සමග මෙරට ධාතු වන්දනාව ඇරබුණි.

                  අනුරාධපුරයේ ප්‍රථමයෙන්ම ඇති වු ස්ථුපය නිසා මෙය ප්‍රථමක ‍චේතිය යන නමින්ද හැදින්වේ. එකල මෙම භූමිය කකුසද,කෝණාගම,කාශ්‍යප ගෞතම, යන සතර බුදු වරුන්ගේ පාද ස්පර්ශයෙන් අති පාරිශුද්දියට ලක් වු ස්ථානයක් බව හැදින්වේ.බුදුන්වහන්සේ තෙවන වර ශ්‍රී ලංකාවට වැඩමකරවු  අවස්ථාවේ සුඵු වේලාවක් සමාධියෙන් වැඩ හිදීමෙන් පාරිශුද්ධ හා පුජනියත්වයට පත් මෙම භුමියෙන් ස්ථුපය තැනීමට මිහිදු මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි සිදුව ඇත.
               ස්ථුය කරවීමෙන් පසුව දේවානම්පියතිස්ස රජතුමා විසින් මෙය ප්‍රධාන කොට ගෙන සංඝාරාමයක්ද කරවිය.පසුව ථුපාරාමය නමින් ප්‍රකට වුයේ එම සංඝාරාමයයි.
         මෙම ස්ථුපය ආරම්භයේදිධාන්‍යාගාර හැඩයෙන් පැවති අතර 1862 ප්‍රතිසංස්කරණයෙන් පසු ඝණ්ඨාකාර හැඩයක් ගෙන ඇත.
 
       ස්ථුපය පිහිටි පොළවේ සිට අඩි 11 අගල් 02 ක් උස් වු වෘත්තාකාර වේදිකාවක් මත මැදට වන්නට පිහිටා ඇති අතර මෙම වේදිකාව වටා වළාකුළු බැම්මක් පිහිටා ඇත.ස්ථුප මළුවට ඇතුළු වන ප්‍රධාන දොරටුව හා තවත් දොරටුවක් පිහිටා ඇත. නැගනහිරට බරව මෙම ප්‍රධාන දොරටුව ඇති අතර අනෙක බටහිර පැත්තේ පිහිටා ඇත. මෙහි වටදාගෙයක් තිබු බවට සනාථ කිරීම සදහා අවශේෂ වු ගල්කණු පිහිටා ඇත.වසබ රජතුමා විසින් ක්‍රී.ව 67-111 කාලයේ මෙම වටදාගෙය සාදවා ඇත.මෙහි දැනට දක්නට ලැබෙන ගල් කණු මානවම්ම රජතුමා කරවු ඒවා බවට විශ්වාස කෙරේ.එකිනෙකට උසින් උසින් අඩු කුළුුණු පේළි 4 ක් වෙයි.කුළුුණු හිස් සැරසිළි මෝස්තර සහිතව සාදවා ඇත.
          ථුපයේ ප්‍රධාන දොරටුව වන නැගනහිර දොරටුව අසළ තනි ගලින් කරන ලද ටැංකියකි.අත් පා සේදීමට හා මල් දෝවනය සදහා භාවිතා නරන ලද්දකි.ඊට ආසන්නයේ පිහිටා ඇති ගල් අල්ලා තනන ලද ළිද නාගලු ලිද යන නමින් හදුන්වයි.එය ථුපාරාමයේ සංඝයා සදහා බිමට ජලය ලබා ගත් ලිද විය හැකිය.චෛත්‍යෙයේ උස අඩි 63ක් වන අතර විශ්කම්භය අඩි59කි.ථුපාරාම ථුපඝරය මුලින් තිබුන ආකාරය අනුමාන වශයෙන් දැක්වෙන සැලැස්මක් අනුරාධපුර කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සදහා තබා ඇත

ලංකාරාමය


           ලංකාරාමය


ලංකාරාමය අටමස්ථාන වලින් එක් ස්ථානයකි. ක්‍රි.පු.පළමු වන සියවසේ (89-77) වළගම්බා මහ රජු (වට්ටගාමිණී අභය)විසින් ඉදි කරන ලද මෙය ඓතිහාසික මුලාශ්‍ර වලට අනුව මෙම ස්ථානය “සිලාසොබ්බකණ්ඨක-ගල්හෙබකඩ”යන නම් වලින් හදුන්වා ඇත.රජුගේ ජිවිතය බේරා දුන් සෝමා දේවිය සිහිවීම පිණිස ඉදිකරන ලඳ මෙය මුල් යුගයේ සෝමාරාම චෛත්‍ය නම් විය.පසු කාලීනව මෙය මනිසෝමාරාම -ලංකාරාමය යන නම් වලින් හදුන්වන ලද අතර මුල් කාලයේ වටදාගෙවල් අතර ප්‍රධාන තැනක් ගත් මෙය උසින් අඩි 50ක් ද වටප්‍රමාණය අඩි 150කින් ද සමන්විතය.මෙහි මුල් පෙළ ගල් කණු20ක් ද දෙවන පෙළ ගල් කණු 28 ක් ද තුන් වන පෙළ ගල් කණු 40කින් ද සමන්විත වු ගල් කණු පේළි 3ක් ද දක්නට ඇත.පොළවේ සිට අඩි 10,අගල්2 උසට කරවන ලද වෘත්තාකාර වේදිකාවක් මත ස්ථුපය තනා ඇත.මෙහි ථුපඝරයක් තිබු බවට දැනට ශේෂව ඇති ගල් කණු මගින් සනාථ වේ.
                      ලංකාරාම භූමියේ සියලු ගොඩනැගිලි අංග වට කොට ප්‍රකාරයක් දක්නට ඇත.මෙහි පිළිම ගෙයක්, බෝධිඝරයක් ,පෝය ගෙයක් ආදී අංගද දක්නට ඇත.බෝධිඝරය වෘත්තාකාර හැඩයෙන් යුක්ත වන අතර බෝධියට වැටෙන වැසි ජලය පිටතට ගෙන යාම සඳහා කරවන ලඳ ජල කාණුවක් ද හමුව ඇත.ඇතුල් මළුව අඩි 132,අගල්2ක විශ්කම්භයකින් යුතුය.

ජේතවන විහාරය

                            

        

                              ජේතවන විහාරය

ක්‍රි.ව 253සිට 256 දක්වා රාජ්‍ය කළ ගෝඨාභය මහා විහාරයට පක්ෂපාතී වු රජ කෙනෙකි.ඔහු අභයගිරියෙහි විසු භික්ෂුන් 60 නමකට නිග්‍රහ කොට හංවඩු ගසා රටින් පිට කළේ ය.සොලී රටට ගිය එම භික්ෂුන් සමඟ සංඝ මිත්‍රනම් සොලී තෙරනමක් මිත්‍ර විය.සංඝ මිත්‍ර ලංකාවට අවුත් ගෝඨාභය රජු පහදවා ගෙන රජතුමාගේ ජෙට්ඨතිස්ස හා මහා සේන යන පුත් කුමාරවරුන්ට ආචාර්ය වී එයින් මහසෙන් කුමරු තමාට වසඟ කර ගත්තේ ය.මහසෙන් රජ පැමිණි පසු සංඝ මිත්‍ර ඔහු ලවා මහා විහාරයට මහත් හිරි හැර කරවීය.එය වැනසීය.
                         මහා විහාරය වැනසීමේ මහා විපතින් පසුව රටවැසි බොහෝ දෙනා රජු කෙරෙහි කළ කිරුනහ.පසුව මේඝවර්ණාභය නැමති ඇමතියෙකුගේ උපදෙස් පරිදි මහසෙන් රජ මහ විහාරය ප්‍රතිසංස්කරණය කරවීය.විරුද්දවාදින් සතුටු කිරීමට එසේ කළ නමුත් මහසෙන් මුළුමනින්ම මහා විහාරයට පක්ෂපාතී වීමට මැලි විය.ඒ නිසා ඔහු තමාගේ කැමැත්ත පරිදි මහා විහාරිකයන්ගේ ද විරෝධතා මැඳ මහා විහාර සීමාව තුළ පිහිටි ජෝතිවන උයනෙහි විශාල ආරාමයක් හා චෛත්‍යක් කර වීය. ඊටජේතවන විහාරය යන නාමයද තබා දක්ඛිණ ගිරි විහාරවාසී තිස්ස නම් තෙර කෙනෙකුට ජේතවන විහාරය පුජා කළේ ය. ඊට අභයගිරියේ අනුභලයද ලැබුණි.
                                        මහසෙන් රජු ජේතවන විහාරය කරවා පුජා කළ තිස්ස තෙරුන් සගමැද චෝදනා වලට ලක් වු භික්ෂුවකි.ධාර්මික නම් ඇමතිවරයා විසින් කළ විනිශ්චය අනුව තිස්ස තෙරුන්ට විරුද්දව තිබුණු එම චෝදනා නිවරදි යැයි ඔප්පු විය.ඒ අනුව රජතුමාගේ අකමැත්ත මධ්‍යෙය් වුවඳ තිස්ස තෙරුන් සිවුරු හරවා සසුනෙන් බැහැර කර වීය.එවිට දකුණු ගිරි විහාරයේ විසු සාගලික භික්ෂුහු දක්ඛිණ ගිරි විහාරයෙන් නික්මී අවුත් අභිනවයෙන් සාදන ලද ජේතවන විහාරයෙහි පදිංචි වුහ.ඉන් පසු සාගලික නිකාය ජේතවන නිකාය නමින් ද ප්‍රසිද්ධ විය.
                                        ජේතවන විහාරය ලක්දිව විශාලම චෛත්‍ය සහිත විහාරස්ථානයකි.ක්‍රි.ව.276-303කාලයේ කරවු මෙම දාගැබෙහි උස අඩි 232ක් වේ.එය ආරම්භ වීමත් සමඟ ලංකාවේ භික්ෂු ශාසනය මහා විහාරය,අභයගිරිය,ජේතවනය යනුවෙන් සම්ප්‍රධායන් තුනකට බෙදුණි.ජේතවන විහාරය අභයගිරිය තරම්ම බලවත් වෛතුල්‍යවාදී මධ්‍යස්ථානයක් නොවුවත් එම විහාරය වෛතුල්‍ය වාදීන්ට බාධාවක් ඇති තැනක් නොවීය.මේ නිසාදෝ ශිලාකාල රජු දවස(ක්‍රි.ව.526-539) පුර්ණ නම් වෙළෙන්දකු විසින් මෙරටට ගෙනෙන ලද ධර්ම ධාතුවක් ගෞරව සහිතව ජේතවනයේ තැන්පත් කළ හැකි විය.ධර්ම ධාතුව සද්ධර්ම පුණ්ඩරිකය වැනි වෛතුල්‍යවාදී කෘතියක්ද විය හැකිය.මෙය ගෙන එන ලද්දේ දඹදිව කාසී ජන මෙම මහා පරිමාණ ස්ථුපය අවසන් වරට ප්‍රතිසංස්කරණය කරනු ලැබුවේ දොළොස්වන ශතවර්ෂයේ මහා පරාක්‍රමබාහු රජු විසිනි.
  මහසෙන් රජු විසින් බුදුන් වහන්සේගේ පටී ධාතුවෙන් කොටසක් නිධන් කොට ජේතවන ස්ථුපය සාදා ඇති බවට සදහන් වේ.ස්ථුපයේ පාදමයේ පරිමාණය අඩි 1147කි.අක්කර 18වු දාගැබ් මළුව පැත්තක දිග අඩි576කි.දාගැබ් මළුවට පිවිසීමට සතර දිශාවෙන්ම පියගැට පෙළවල් පිහිටා ඇත.ස්ථුපයේ සතර දිශාවෙන්ම වාහල්කඩ සතරක නටබුන් පිහිටා ඇත. ඒවායේ කැටයම් හා චිත්‍ර වු බවට සාධක ඇත.පිහිටි පොළවට වඩා උස මළුවක ස්ථුපය තනා ඇත.ගල් අතුරා ඇති මේ මළුව වටා ඇත් පවුරක් විය.ජේතවනාරාමයේ ප්‍රධාන ප්‍රතිමාඝරය ස්ථුපයට මුහුණලා එයට බටහිරින් පිහිටා ඇත.පිළිම ගෙයි දොරටුවේ ගල් උළුවස්ස අඩි 27ක් පමණ උසය.පිළිම ගෙය වටා පරිවාර ගොඩනැගිලි කීපයක නටබුන් ද දැක ගත හැකිය.මේ ආසන්නවම ගල් කණු විශාල ප්‍රමාණයක් සහිත ගොඩනැගිල්ල ජේතවනාරාමයේ උපෝසථාගාරය යැයි හදුන්වනු ලැබේ.

අභයගිරිය





               අභයගිරිය

අභයගිරිය ගැන සත්‍ය තොරතුරු දතහැකි කිසිම වාර්තාවක් තවම සොයා ගෙන නැත.ඒ පිළිබද යම් ප්‍රමාණයක් හෝ කරුණු දැන ගැනිමට ඇත්තේ පුරාවස්තු හා සෙල්ලිපි කිහිපයකුත් මහාවිහාරිකයන් විසින් සපයන ලද වාර්තාවක් පමණි.

අභයගිරියේ ආරම්භය


අනුරාධපුරයේ උතුරු වාහල්කඩට පිටතින් අභයගිරි විහාරය පිහිටියේය. අභයගිරි විහාරය ආරම්භ වි ඇත්තේ ක්‍රි.ව.පෙර පළමු වන සියවසේදි බව මහා වංසයට අනුව සිතිය හැකිය. එය වලගම්බා රාජ්‍ය සමයයි.වළගම්භා රජුන් කළ ද්රවිඩ සටනේදි තිස්ස නම් තෙරනමක් රජතුමාට සහය දුන්නේය.රජතුමා නැවත බලයට පත් වු පසු ගිරි නිගණ්ඪ පුජකවරයා සිටි ආරාමය බිදවා එහි කළ පන්සල තමාට උදව් උපකාර කළ තිස්ස තෙරුන්ට රජතුමා විසින් පුදනු ලැබිය.අභයගිරි විහාරය පිළිගත් තෙරුන් කෙම්ගළ වැසි තිස්ස නමිනි නිකාය සංග්‍රහය හදුන්වයි.උන්වහන්සේ කුල සංගට්ඨයක් කළ නිසා, එනම් රජු හා පැවති කිට්ටු සම්භන්ධය නිසා මහා විහාර භික්ෂුන් වහන්සේ විසින් තිස්ස තෙරුන් සංඝ සමාජයෙන් නෙරපා දමනු ලැබිය.(පබ්බජනිය කර්මය) උන්වහන්සේගේ ශිෂ්‍යකු වු (බහල මස්සු තිස්ස යනුවෙන්ද) සදහන් වේ.මහදැළියා තිස්ස (මහ රැවුලක් ඇත්තා) නම් උගත් තෙර කෙනෙක් තිස්ස තෙරුන්ට කළ විනය කර්මය යුක්ති සහගත නැතැයි විරෝධය පළ කළ හ.මහා විහාරික භික්ෂුහු උන්වහන්සේට ද දඩුවම් පැමිණ විය.ඉක්බිති ඒ මහ දැළියා තිස්ස තෙරණුවෝ තවත් භික්ෂුහු 500 නමක් සමග මහා විහාරය තුලින් නික්ම ගොස් අභයගිරි විහාරයේ පදිංචි වුහ.රජුත්, දේවියත්, ඇමති ගණයාත් විසින් කරවන ලද සොමාරාමය දක්ඛිණ විහාරය මුලවෝකාර විහාරය,සාලියාරාමය යන ස්ථාන සියල්ලද අභයගිරි විහාරයේ පදිංචියට ගිය මෙම ගුරු ශිෂ්‍ය දෙදෙනා වහන්සේම උගත් ප්‍රසිද්ද තෙරවරු වුහ.

අභයගිරි විහාරයේ වර්ධනය හා රාජ අනුග්‍රහය

අභය විහාර, අභයුත්තර විහාර,උත්තර විහාර යන විවිධ නම් වලින් පුරාණයේ දි අභයගිරි විහාරය හදුන්වා ඇත.අභයගිරිය වරිනි වර දඹදිවින් ගෙන එන ලද ධර්ම රුචි නිකාය වෛතුල්‍ය වාදය,වාජිරිය වාදය,ආදි වෙනස් වාදයන්ට මධ්‍යස්ථානයක් විය.ක්‍රමයෙන් දියුණුවට පත් අභයගිරි විහාරයට බොහෝ විට රාජ්‍ය අනුග්‍රහය ලැබුණි.ගජබා රජ (ක්‍රි.ව.114-136)අභයගිරි ථුපය විශාල කරවා විහාරයේ පැවැත්ම පිණිස වෙන් කළ ඉඩකඩම් වගා කිරිමට ජලය ලබා ගැනිම සදහා ගාමිණි තිස්ස නමින් ජලාශයක් බැන්දවි ය.කණිටු තිස්ස රජතුමා භූතාරාමවාසි මහානාථ ස්ථවිරයන් වහන්සේට පැහැදි අභයගිරියෙහි රක්තප්‍රාසාදය කරවා දුන්නේ ය. ක්‍රි.ව.3 සියවසේ පැමිණි වොහාරික තිස්ස රජතුමා වෛතුල්‍ය වාදය විනාශ කළ අයෙකු වුවද එතුමා චෛත්‍ය අටක ජත්‍ර සවි කල බව සදහන් වේ.එයින් එක් චෛත්‍යක් අභයගිරියයි.
                                  මහසෙන් රජකල (ක්‍රි.ව.274-301)අභයගිරිය මහත් දියුණුවට පත් විය.අභයගිරි වාසීන්ගේ පක්ෂය ගත් රජතුමා මහා විහාරයට අයත් විහාර ආරාම කඩා බිඳ දමා එවායෙහි වස්තුව අභයගිරිය දියුණු කිරීම සඳහා යෙදවීය. ඉන් අභයගිරියට තව තවත් ගොඩනැගිලි එක් වීය.2වන පෑතිස් රජතුමා විසින් ථුපාරාමයේ ගොඩනගන ලදැයි සැලකෙන “මහා කාල සිලා”ප්‍රතිමාව නම් වු බුදු පිළිමයද අභයගිරියට ගෙන යන ලදී.මහා විහාරයට අයත්ව තිබුණු මිහින්තලේ සෑගිරියටද ,පුර්වාරාමය,(පුලියන් කුලම)නම් විහාරය ද රජු විසින් අභයගිරි පක්ෂය වෙත පවරා දෙන ලදී.
                       සිරිමෙවන් රජු (ක්‍රි.ව. 301-328) කල ද නැවතත් අභයගිරියට රාජ අනුග්‍රහය ලැබුණි.අභයගිරි විහාරය,විශාල කරවීම,බෝධි ද්‍රැමයක් පිහිටුවීම,ද්‍රඨග්ග බෝධිඝර නම් මන්දිරයක් කර වීම,ආදියෙන් රජතුමා අභයගිරියේ දියුණුවට කටයුතු කළේ ය.මේ රජු දවස ලක්දිවට වැඩමවන ලද දළදා වහන්සේ අභයගිරියට වැඩමවා ධාතු පුජා පැවැත්වීමට ද රජතුමා නියම කළේ ය.අභයගිරියෙහි මෙම දළදා උත්සවය වාර්ෂිකව පවත්වා ඇත.දින 90මෙම උත්සවය පවත්වා ඇත.දළදා වහන්සේ පිළිබඳ සම්පුර්ණ භාරකාරත්වය ද අභයගිරියට පැවරී තිබුණි.දළදා වහන්සේ පමණක් නොව කේෂ ධාතුන් වහන්සේද පාත්‍රා ධාතුවද තැන්පත් කොට තිබු‍නේ අභයගිරියේය. පාහියන් හිමි සදහන් කරන අන්දමට අභයගිරියෙහි නේවාසික භික්ෂුහු 500ක් විසුහ.
                                 ද්‍රවිඩ සංහාරයෙන් පසුව බලයට පත් ධාතුසේන රජතුමා අභයගිරියට ද දායකත්වය දැක්වීය.අභයගිරි දාගැබෙහි කැඩී බදී ගිය ජත්‍ර ප්‍රතිසංස්කරණය කරවන ලද්දේ මෙතුමාය.මේ රජතුමා බුදු බව පතා බෝධියට නහනුමුර පුජාවක් (බෝධිය නෑවීමක්) කළේය.මෛත්‍රි බෝසත් රුවකට රාජාභරණ පැළඳවීමක් කළ අතර, බෝධිසත්ව ඝරයක් ද කළ බව මහා වංසය සඳහන් කරයි. මෙයින් පසුව බලයට පත් සීගිරි කාශ්‍යප රජතුමා ද, කීර්ති ශ්‍රි මේඝ වර්ණ රජතුමා ද ,පළමු අග්බෝ රජතුමා ද ශීලා මේඝ වර්ණ රජතුමා ද, දෙවන අග්බෝ රජතුමා ද මහ විහාරයට මෙන්ම අභයගිරියට ද පක්ෂපාතීව කටයුතු කළ බව සදහන් වේ.
                            ක්‍රි.ව.7වන සියවසේ දී පමණ රාජ්‍යට පත් දාඨෝපතිස්ස රජු,කප්පුර පිරිවෙන හා නිඵුපුල් විහාරයද ගොඩනගා අභයගිරියට පුජා කළ බව සඳහන් වේ.පස්වන කාශ්‍යප රජු (ක්‍රි.ව.914-923)සමයෙහි මිහින්තලේ චේතිය පබ්බත විහාරය හා ඇත් වෙහෙර අභයගිරි විහාරයට අයත් ප්‍රධාන ආයතනයක් වු කපාරමුලයට පැවරුණි.මෙම කපාරමුලය 7වැනි සියවසේ සිට 11වන සියවස දක්වාම ආගමික කාර්යයන් හී වැදගත් තැනක් ඉසිලීය.විජයබා රජු ද්‍රවිඩයන් සමග කළ සටනේ දී අභයගිරි විහාරය රජුට උපකාර කළ නිසා සතුරන් පරදවා රාජාභිශේකය ගත් එතුමා අභයගිරිය සඳහා උත්තර මුල පිරිවෙන කරවා පිදීය.එකළොස් වන සියවස වන විට අභයගිරිය මහත් ශ්‍රී විභූතියෙන් බැබළුණි.පොළොන්නරු යුගයේ දී 1 වන පරාක්‍රමබාහු රජු විසින් ඇති කළ සංඝ සාමාග්‍රියත් සමඟ අභයගිරි විහාර පක්ෂය වෙනම සම්ප්‍රධායක් වශයෙන් පෙනී සිටිම නැවතුණි.13වන සියවසේ දී පමණ අනුරාධපුර රාජධාණියේ බිඳ වැටීමත් සමඟ අභයගිරි විහාරය ද ඉතිහාසයෙන් ගිලිහී ගියේය.එසේ වුවද අභයගිරියට අයත් (උතුරොළ) උත්තර මුල හා මහනෙත් පාමුල යන ආයතන 16වන සියවස දක්වාම ඒ නාමයෙන් පැවත ආවේය.

 මෙය නැවත ප්‍රතිසංස්කරණය කීරිම භාරගනු ලැබුවේ 1981 මධ්‍යම සංස්කෘතික අරමුදල මගිනි. මේ වන විට මෙම ‍‍චෛත්‍ය ප්‍රතිසංස්කරණය කර ඇති අතර දැනට මෙහි උස අඩි 245කි.දාගැබ පිහිටා ඇත්තේ සමචතුරස්‍රාකාර සල පතල මළුවකය.එහි එක පැත්තක දිග අඩි587කි.ස්ථුපය ඉදිරියෙන් බහිරව රූප 2ක් ද දක්නට ලැබේ.පේසාවන් තුන ගර්භය,හතරැස් කොටුව යුපය හා ජත්‍රය යන අංග වලින් යුක්ත විය.සර්වාස්තිවාදීන්ගේ ස්ථුප වලද මේ ලක්ෂණය ඇති නිසා සර්වාස්තිවාදීන්ගේ ස්ථුප සම්ප්‍රධායට අයත් එකක් සේ සැලකිය හැක.තවද හත්ති වේදියක් තුන් වන පේසාවට උඩින් පිහිටා තිබු බවද කියවේ.ස්ථුපයේ මළුවට සතර පැත්තෙන්ම ඇතුළු වන දොරටු ද සතර පැත්තේ වාහල්කඩ 4 ද සලපතල මළුව,එහි ඇත් පවුර,වැලි මළුව එහි ප්‍රකාරය හා ගෝපුර ද වෙයි.
අභයගිරියේ ඉතා අලංකාර කෞතුකාගාරයක් ද දැකගත හැකි අතර එහි අභයගිරි පුරාවස්තු දැකගත හැකි වේ.මෙය විදේශිකයන්ගේ ආකර්ශනය පවා දිනා ගැනීමට සමත් වී ඇත.