ඓතිහාසික අනුරපුරය

එන්න ඓතිහාසික අනුරපුර අසිරිය විදින්න. ඔබට ඡය ශ්‍රී මා බෝ සමිදු පිහිටයි..................

ජේතවන විහාරය

                            

        

                              ජේතවන විහාරය

ක්‍රි.ව 253සිට 256 දක්වා රාජ්‍ය කළ ගෝඨාභය මහා විහාරයට පක්ෂපාතී වු රජ කෙනෙකි.ඔහු අභයගිරියෙහි විසු භික්ෂුන් 60 නමකට නිග්‍රහ කොට හංවඩු ගසා රටින් පිට කළේ ය.සොලී රටට ගිය එම භික්ෂුන් සමඟ සංඝ මිත්‍රනම් සොලී තෙරනමක් මිත්‍ර විය.සංඝ මිත්‍ර ලංකාවට අවුත් ගෝඨාභය රජු පහදවා ගෙන රජතුමාගේ ජෙට්ඨතිස්ස හා මහා සේන යන පුත් කුමාරවරුන්ට ආචාර්ය වී එයින් මහසෙන් කුමරු තමාට වසඟ කර ගත්තේ ය.මහසෙන් රජ පැමිණි පසු සංඝ මිත්‍ර ඔහු ලවා මහා විහාරයට මහත් හිරි හැර කරවීය.එය වැනසීය.
                         මහා විහාරය වැනසීමේ මහා විපතින් පසුව රටවැසි බොහෝ දෙනා රජු කෙරෙහි කළ කිරුනහ.පසුව මේඝවර්ණාභය නැමති ඇමතියෙකුගේ උපදෙස් පරිදි මහසෙන් රජ මහ විහාරය ප්‍රතිසංස්කරණය කරවීය.විරුද්දවාදින් සතුටු කිරීමට එසේ කළ නමුත් මහසෙන් මුළුමනින්ම මහා විහාරයට පක්ෂපාතී වීමට මැලි විය.ඒ නිසා ඔහු තමාගේ කැමැත්ත පරිදි මහා විහාරිකයන්ගේ ද විරෝධතා මැඳ මහා විහාර සීමාව තුළ පිහිටි ජෝතිවන උයනෙහි විශාල ආරාමයක් හා චෛත්‍යක් කර වීය. ඊටජේතවන විහාරය යන නාමයද තබා දක්ඛිණ ගිරි විහාරවාසී තිස්ස නම් තෙර කෙනෙකුට ජේතවන විහාරය පුජා කළේ ය. ඊට අභයගිරියේ අනුභලයද ලැබුණි.
                                        මහසෙන් රජු ජේතවන විහාරය කරවා පුජා කළ තිස්ස තෙරුන් සගමැද චෝදනා වලට ලක් වු භික්ෂුවකි.ධාර්මික නම් ඇමතිවරයා විසින් කළ විනිශ්චය අනුව තිස්ස තෙරුන්ට විරුද්දව තිබුණු එම චෝදනා නිවරදි යැයි ඔප්පු විය.ඒ අනුව රජතුමාගේ අකමැත්ත මධ්‍යෙය් වුවඳ තිස්ස තෙරුන් සිවුරු හරවා සසුනෙන් බැහැර කර වීය.එවිට දකුණු ගිරි විහාරයේ විසු සාගලික භික්ෂුහු දක්ඛිණ ගිරි විහාරයෙන් නික්මී අවුත් අභිනවයෙන් සාදන ලද ජේතවන විහාරයෙහි පදිංචි වුහ.ඉන් පසු සාගලික නිකාය ජේතවන නිකාය නමින් ද ප්‍රසිද්ධ විය.
                                        ජේතවන විහාරය ලක්දිව විශාලම චෛත්‍ය සහිත විහාරස්ථානයකි.ක්‍රි.ව.276-303කාලයේ කරවු මෙම දාගැබෙහි උස අඩි 232ක් වේ.එය ආරම්භ වීමත් සමඟ ලංකාවේ භික්ෂු ශාසනය මහා විහාරය,අභයගිරිය,ජේතවනය යනුවෙන් සම්ප්‍රධායන් තුනකට බෙදුණි.ජේතවන විහාරය අභයගිරිය තරම්ම බලවත් වෛතුල්‍යවාදී මධ්‍යස්ථානයක් නොවුවත් එම විහාරය වෛතුල්‍ය වාදීන්ට බාධාවක් ඇති තැනක් නොවීය.මේ නිසාදෝ ශිලාකාල රජු දවස(ක්‍රි.ව.526-539) පුර්ණ නම් වෙළෙන්දකු විසින් මෙරටට ගෙනෙන ලද ධර්ම ධාතුවක් ගෞරව සහිතව ජේතවනයේ තැන්පත් කළ හැකි විය.ධර්ම ධාතුව සද්ධර්ම පුණ්ඩරිකය වැනි වෛතුල්‍යවාදී කෘතියක්ද විය හැකිය.මෙය ගෙන එන ලද්දේ දඹදිව කාසී ජන මෙම මහා පරිමාණ ස්ථුපය අවසන් වරට ප්‍රතිසංස්කරණය කරනු ලැබුවේ දොළොස්වන ශතවර්ෂයේ මහා පරාක්‍රමබාහු රජු විසිනි.
  මහසෙන් රජු විසින් බුදුන් වහන්සේගේ පටී ධාතුවෙන් කොටසක් නිධන් කොට ජේතවන ස්ථුපය සාදා ඇති බවට සදහන් වේ.ස්ථුපයේ පාදමයේ පරිමාණය අඩි 1147කි.අක්කර 18වු දාගැබ් මළුව පැත්තක දිග අඩි576කි.දාගැබ් මළුවට පිවිසීමට සතර දිශාවෙන්ම පියගැට පෙළවල් පිහිටා ඇත.ස්ථුපයේ සතර දිශාවෙන්ම වාහල්කඩ සතරක නටබුන් පිහිටා ඇත. ඒවායේ කැටයම් හා චිත්‍ර වු බවට සාධක ඇත.පිහිටි පොළවට වඩා උස මළුවක ස්ථුපය තනා ඇත.ගල් අතුරා ඇති මේ මළුව වටා ඇත් පවුරක් විය.ජේතවනාරාමයේ ප්‍රධාන ප්‍රතිමාඝරය ස්ථුපයට මුහුණලා එයට බටහිරින් පිහිටා ඇත.පිළිම ගෙයි දොරටුවේ ගල් උළුවස්ස අඩි 27ක් පමණ උසය.පිළිම ගෙය වටා පරිවාර ගොඩනැගිලි කීපයක නටබුන් ද දැක ගත හැකිය.මේ ආසන්නවම ගල් කණු විශාල ප්‍රමාණයක් සහිත ගොඩනැගිල්ල ජේතවනාරාමයේ උපෝසථාගාරය යැයි හදුන්වනු ලැබේ.

No comments:

Post a Comment