අසිරිමත් ඇසළ පොහොය
ඇසළ පුර
පසලොස්වක පොහොය ශාසන ඉතිහාසයෙහිලා ඉතා වැදගත් සිදුවීම් රැසකට මුල්වුත් ඓතිහාසික
වුත් පුජනීයවුත් දිනයක් ලෙසත් පෙන්වා දිය හැකිය. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම
දේශනාව වු ධම්මචක්ක පවත්තන සුත්‍ර දේශානාව මේ අතර ප්‍රධානත්වය ගනී.
තවද වෙස්සන්තර ආත්ම භාවයෙන් පසු තුසිත
දෙව්ලොව ඉපදුන අප බෝසතාණන් වහන්සේ මහාමයා දේවිය කුස පිළිසිඳ ගැනීම,
විසිනව වන වියේදී සතර පෙර නිමිති දැක ගිහිගෙය කළකිරි අභිණිෂ්ශ්‍රමණය කිරීම,
බුදුරදුන් ප්‍රමුඛ පස්වඟ මහනුන්ගේ ප්‍රථම වස්සුපගමණය සිදු වීම,
රාහුල කුමරු ඉපදීම, ගණ්ධබ්බ රුක්මුලයෙහි
තීර්තකයන්ගේ මානය බිදලන් වස් බුදුරජුන් යමාමහා පෙළහැර පෑම,
මාතෘ දිව්‍ය රාජයා පුමුඛ පිරිසට විජම්බණ දේශනා කිරීම සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන්
මසකට පසු තෘතීය මහාශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම
ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා රජගහනුවර වස්එළඹ මුලීක කටයුතු ආරම්භ කිරීම යන සිදුවීම ශාසන
ඉතිහාසයෙහිලා ඇසළ පොහොය වැඳගත් වීමට බලපාන කරුණු අතර ප්‍රමුඛත්වය ගනී.
ලංකා ශාසන ඉතිහාසය පිළිබඳ විමසිමේදි මිහිදු
මහරහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා විසින් සම්මත කරන ලඳ මහා විහාර සීමාව
තුළ ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කිරීම ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ සිංහලයන් 56
දෙනෙකු පැවිදි උපසම්පදාව ලැබීම දේවානම්පියතිස්ස රජතුමා විසින් මිහින්තලයේ කණ්ඨක
චේතිය වටා කරවු අට සැට ලෙන් පුජාව මහරහතන් වහන්සේලා හැට දෙනමක් පළමුවරට ලක්දිව වස්
එළඹිම දුටුගැමුණු මහ රජු රුවන්වැලිසෑය තැනිමට මංගල ශිලා ප්‍රතිස්ථාපණය සිදු කිරීම
එම මහා සෑයෙහි ධාතු නිධානෝත්සවය සිදු කිරීමද දළදා වහන්සේ ලක්දිවට වැඩමකරවීමෙන් පසු
වාර්ෂික දළදා මහ පෙරහැරේ ආරම්භය සිදුවීම යන කරුණු ඇසල පොහොය හා සම්බන්දව ඉතා
වැදගත්වේ.
බරණැස ඉසිපතන නම් වු මිගදායෙහි දී පස්වග මහනුන්
අරභයා බුදුරදුන් ධම්මචක්කපවත්තන සුත්‍ර දේශනාව පැවැත්විම ඇසළ පොහොදා වු මෙම සෑම
සිදුවීමක් අතරම වඩාත් ප්‍රමුඛත්වය ගනී. එම ප්‍රථම ධර්ම දේශනාව ආරම්භකළ බුදුරජාණන්
වහන්සේ පළමුව පස්වග මහනුන් උදෙසා මෙසේ දේශනා කළ සේක.
“ ද්වෙ මෙ භික්ඛවෙ අත්තා පබ්බජිතෙන න
සෙවිතබ්බා යො චායං කාමෙසු කාමෙසුකල්ලිඛානුයොගො හීනොගම්මො පොථුජ්ජනිකො අනරියා අනන්ථ
සංහිතො යො චායං අත්තකිලමථානු යොගො දුක්කො
අතරියො අනන්ත සංහිතා, එතෙ තෙ, භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ඣිමා පටිපදා
තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණි, ඤණකරණී, උපසමාය අභිඤ්ඤය
සම්බෝධාය නිබ්බාණාය සංවත්තති.“
මෙහි සිංහල අර්ථය නම්
මහණෙනි පැවිද්දෙකු විසින් අත්හල යුතු අන්ත
දෙකකි. එනම් ලාමක වු ගාම්‍ය වු පෘතග්ජනයන් විසින් පුරුදු කරන ලඳ අනාර්්‍ය වු
අනර්ථයක්ම සිදු කරන්නා වු වස්තු කාමයන් කෙරෙහි යම් කාමසුකල්ලිකානුයෝගයක් ඇත්ද එසේම
දුක් උපදන්නා වු අනාර්්‍ය වු අනර්ථයක්ම සිදුකරන්නාවු යම් අත්තකිලමතානුයොගයක් ඇත්ද
මහණෙනි මෙම අන්ත දෙකට නොපැමිණ බුදුන් විසින් මධ්‍යම ප්‍රතිපදාව නම් ආර්්‍ය මාර්ගය
අවබෝධ කරන ලදහ. එම මග යාමෙන් ප්‍රඥා ඇස පිරිසිදු කෙරෙයි. නුවණැස ඇති කෙරෙයි. එය
කෙළසුන්සංසිදීම පිණිස චතුරාර්්‍ය සත්‍ය අවබෝධය පිණිස හේතු වන්නේය.
සත්වයා දුක නැති කිරිමේ මාර්ගය වෙත ගෙන යන ප්‍රතිපදාව මෙහි ඇතුළත් චතුරාර්්‍ය
සත්‍යය තුලින් විග්‍රහ කොට ඇත. දුක, දුක ඇතිවීම, දුක නැති කිරීම, දුක නැති කිරීමේ
මාර්ගය වශයෙන් මෙම අංග සතර බෙදා වෙන්කොට තිබේ. මෙහි දුක නැති කිරිමේ මාර්ගය නම්
සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා සම්මා
කම්මන්ත, සම්සා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන ආර්ය
අෂ්ඨාංගික මාර්ගයයි. එම මධ්‍යම ප්‍රතිඵදාවක් වන්නේ අන්ත බැහැර කර ඇති බැවිනි.විමුක්තිය
ලැබීමට නම් ශරීරයට උපරිම ලෙස සැප දිය යුතුය. යන අදහස ගත් කාමසුකල්ලිකාණු යෝගයත්, විමුක්තිය ලැබීමට නම්
ශරීරයට දැඩිලෙස දුක් දිය යුතුය යන අදහස ගත් අත්තකිලමතානු යෝගයත් යන අත්ත දෙකට අයත්
නොවන හෙයින් මෙය මධ්‍යම ප්‍රතිඵදාව නම් වෙයි. මෙම ධම්මචක්කප්පවත්තන සුත්‍ර දේශනාව
තුලින් පෙර නොඇසු විරූ ධර්මයෙහි ණුවනැස් පහළ විය. ඤානය පහළ විය. ප්‍රඥාව පහළ විය.
විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය. ඒ අනුව ඇසළ පොහෝදා සිදුවු සදා අනුස්මරණිය සිදු
වීමමෙම සුත්‍ර දේශනාව පැවැත්විමයි.
ඇසළ පොහොය හා සම්බන්දව මහනුවර ඇසළ මහා පෙරහැර ඇතුළුව ප්‍රකට සිද්ධස්ථාන
ගණනාවකම පැවැත්වෙන පෙරහැර මංගල්‍යයක් රාශියකම පවතියි. විජය රජුගෙන් පසුව ලංකාවේ
ඇරඹි ඇසළ උත්සවය 1 වෙනි ගජබා රජුගේ කාලයේදි (ක්‍රි. ව. 112-134) ඇසළ පෙරහැර බවට
පත්විණ. කප් සිටුවීමෙන් ඇරබෙන ඇසළ උත්සවය නිමාවට පත් වන්නේ දිය කැපීයෙනි. මේ අනුව
මෙය වර්ශාව ලැබාගැනිම සදහා අතීතයේ පැවැත්වු උත්සවයකින් ආරම්භවු බව පෙනේ. කෙසේ වුවඳ
පුරාතනයේ පටන් පැවැත්වෙන අනේකවිද වු සිද්ධීන් හා චාරිත්‍ර විදි සිහිකිරිම සඳහා මෙම
ඇසළ උත්සවය යොදා ගත් බවට සාධක ඇත. දළදා වහන්සේ මෙම උත්සවයට සම්බන්ධ කිරීම එය ප්‍රධාන
සාධකයකි. දළදා වහන්සේ ඇසළ උත්සවය හා සම්බන්ධ කර ගත් පසුව එය දළදා පෙරහැර හා දළදා
උත්සවය යන නම් දෙකින්ම ව්‍යවහාර වේ.
පොසොන් පොහොය |
මෙම
මහින්දාගමනය සිදු වුයේ 3 වෙනි මහා ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙනි. මොග්ගලිපුත්ත
තිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රාහකත්වයෙන් පැවති
එම 3 ධර්ම සංගායනාවෙන් සිදු වු මා හැගි ප්‍රතිඵලය නම් එතෙක් දඹදිව සීමිත ප්‍රදේශයක
පමනක් පැවති බුදු දහම එවකට දැන සිටි රටවල් 9 ට ධර්මදුතයන් මාර්ගයෙන් ප්‍රචාරය කොට
හැරීමයි. ඒ අනුව ලක්දිව කෙරෙහි
සුවිශේෂි අවධානයක් යොමු කල ධර්මාශෝක අධිරාජයා ස්වකීය පුත්‍රයා වු මිහිදු මහ රහතන්
වහන්සේ ප්‍රමුඛ රාජකීය දුත පිරිසක් මෙරටට පිටත්කොට හැරීය.
දඹදිව
වේදිසගිරි නුවරින් ලක්දිව අනුරාධපුරයේ මිහින්තලයට සැපැත් දුත පිරිසට එහිදි
දේවානම්පියතිස්ස රජ මුණ ගැසිනි. මිහිදු මහරහතන් වහන්සේ මහරජුට ස්වකීය ධූත පිරිස
මෙසේ හදුන්වා දුන්හ.
සමණාමයං මහාරාජා
ධම්මරාජස්ස සාවකා
තමෙව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා
මහරජතුමනි. ශ්‍රමණයන්
වන අපි ධර්ම රාජයාණන් වු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු.නුඹලාට අනුකම්පා
පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු.
දඹදිව සිට
කෙසේ පැමිණිමාහු දැයි රජු ඇසු ප්‍රශ්ණයට මිහිදු මහරහතන් වහන්සේගේ ලිහිල් පිළිතුර
වුයේ දියෙන් හෝ
ගොඩින් හෝ නො ආම්හ. යන්නයි.එම පිළිතුර රජු තේරුම් ගත් බැවු දත් මිහිදු මහ රහතන්
වහන්සේ රජුගේ බුද්ධි මට්ටම පරික්ෂා කිරීමට ප්‍රශ්න කීපයක් ඇසුහ. ළගම තිබු අඹ ගසක්
රජුට පෙන්වු මිහිදු මහ හිමි මේ කිනම් ගසක් දැයි
ඇසීය. එවිට රජු මේ අඹ ගසකැයි පිළිතුරු දුන්නේ
ය. මිහිදු මහ හිමි මේ අඹ ගස් හැර තවත් අඹ ගස් තිබේද?
රජු : එසේය, බොහෝ අඹ ගස් තිබේ.
මිහිදු මහ හිමි :
මේ
අඹ ගසත් අනෙක් අඹ ගසුත් හැර තවත් අඹ ගස් තිබේද?
රජු :
එසේ
ය. තවත් බොහෝ ගස් තිබේ.
මිහිදු හිමි :
ඒ
අඹ ගසුත් අඹ නොවන ගසුත් හැර තවත් ගස් තිබේ ද?
රජු :
එසේ
ය. ඒ මේ අඹ ගසය.
බාහිර ලෝකයේ
දක්නට ඇති උදාහරණයක් මුල් කරගෙන සිදු කල මෙම සාකච්චාවෙන් රජුගේ තර්ක බුද්ධිය
පිළිබද සෑහිකට පත් මිහිදු හිමි පසුව විමසුවේ රජු කේන්ද්‍ර කර ගත් ප්‍රශ්නයකි.
මිහිදු හිමි :
නුඹට
නෑයෝ සිටිත් ද?
රජු :
එසේ
ය. බොහෝ නෑයෝ සිටි.
මිහිදු හිමි :
නොනෑයොත්
සිටි ද?
රජු :
නොනෑයොත්
බොහෝ සිටි.
මිහිදු හිමි :
නෑයොත්
නොනැයොත් හැර තවත් අය සිටිත් ද?
මෙසේ සිදු කළ
විධිමත් බුද්ධි පරීක්ෂණයෙන් පසු මිහිදු හිමියනට දේවානම්පියතිස්ස රජු මනා
බුද්ධිමතෙකු බව අවබෝධ විය. අනතුරුව පිරිස් සහිත රජුට තෙරුවන් පිළිබදවත් බෞද්ධ
චින්තනය පිළිදවත් හදුන්වාදීමට චුල්ලහත්ති පදෝපම සුත්‍රය දේශනා කලේය. දේශනාවසානයෙහි
රජු ප්‍රමුඛ සතලිස් දහසක් පිරිස තෙරුවන් සරණ ගියහ.
මහින්දාගමනයේ
දෙවැනි දිනයේ දී රජ ගෙදරදී පේතවත්ථු, විමානවත්තු, සච්චසංයුත්තාදිය, මුල් කරගෙන ධර්ම සංගායනා පැවැත්වීය.
මුල් දිනයෙහි
ධර්ම ධුතයන් වහන්සේලා දුටු මිනිසුන් සිය අසල් වැසියනට ඒ ගැන දැන් වු හෙයින් මෙම
දෙවන දින බණ ඇසුමට දහස් ගණනින් ජනයා රජ මැදුරට එක්රැස් වුහ. ඒ සියලු දෙනාට රජ
මැදුර ඉඩ මද වු හෙයින් රජු මගුල් ඇත්හල සරසා එහි අසුන් පැනවීය. ඉක්බිතිව මිහිදු
මහරහතන් වහන්සේ පිළිවෙලින් දේව දුත බාල පණ්ඩිත, ආසිවිසෝපම, අනවතග්ගිය ධම්මචක්කප්පවත්තන යනාදි සුත්‍ර දේශනාවන්
පවත්වා දහස් ගණනින් ජනයා මාර්ගඵල ලාභයට පත් කරවුහ. මිහිදු මහ හිමි ප්‍රමුඛ
ධර්මධුතයන් වහන්සේලාගේ වාසස්ථානය සදහා ‘මහමෙවුනා උයන’ පුජා කළ රජුන් උන්වහන්සේ සමගම එම උයන වටා ඇවිද සීමා මාලකාදිය පිහිටවිය යුතු තැන්
නියම කරවා ගත්හ. දුත පිරිස සමග සැපත් භණ්ඩුක කුමරු පැවිදි උපසම්පදා කිරීමෙන්
ලංකාවේ මුල්ම උපසම්පදාවද ඇරඹිණි.
මෙසේ අනුබුදු
මිහිදු මහ රහතන් වහන්සේ ථෙරවාදී බුදු සමය මෙරටට හදුන්වා දීමත් සමගම එතෙක් පැවති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට
පරිවර්තනය වු බව මේ අනුව පැහැදිලිය. මහින්දාගමනය ලක්වැසි ජනතාවට නව ජීවන දර්ශනයක්
හදුන්වා දුන් වැදගත්ම ඓතිහාසික සිදුවීම වේ. මෙහිදී මිහිදු මා හිමි සිදු කලේ ප්‍රාග්
බෞද්ධ යුගයේ ලංකාවේ පැවති සංස්කෘතිය වටහාගෙන එහිම හරවත් පරිවර්තනයක් සිදු
කිරීමයි.මෙහි ප්‍රතිඵලය වුයේ එකල වෟක්ෂ දේවතාවුන් ඇදහුවෝ බෝධි වන්දනාව හා බෝධි
පුජා සිදු කිරිමට පෙළබුණි. ගිණි දෙවියන් පිදුවෝ බුදුරදුන් පිදුහ. මළවුන් ඇදහු අය
මළවුන්ට පින් අනුමෝදන් කරවීමෙන් එම යුතුකම් සිදු කළය. ගල් පර්වත වලට වන්දනා මාන
සිදු කලෝ චෛත්‍ය හා බුදු පිළිම වලට වන්දනා කිරීමෙන් ස්වකීය අධ්‍යාත්මික
පාරිශුද්දත්වය සලසා ගත්හ. දෙවියන් ඇදහු අය දෙවියන්ට පිං දීමට පුරුදු වුහ. මේ අනුව
පැහැදිලි වන්නේ අනවබෝධය නිසා යම් යම් නිරර්ථක ආගමික සංස්කාරක විධීන් හුරු පුරුදු
වු ජනතාව බුද්ධියේ නිම් වළලු පුළුල් වීමත් සමගම හරවත් ආමිස හා ප්‍රතිඵත්ති පුජාදිය
කෙරෙහි කෙමෙන් කෙමෙන් නැඹුරු වු බවයි. අප ශ්‍රී ලංකාද්වීපයේ භාෂා සාහිත්‍ය, චිත්‍ර මුර්ති කැටයම් ගෘහ නිර්මාණ
ශිල්පය යනාදියෙහි පදනම මහින්දාගමනයයි. අප සිංහල අක්ෂර සම්ප්‍රදාය ද තත්වයට හැඩ ගැසුණේද එහි ප්‍රතිඵලයක්
ලෙසයි.මහින්දාගමනයෙන් පසුව සංඝමිත්තා රහත් තෙරණිය ශ්‍රී මහා බෝධීයේ දක්ෂිණ ශාඛාවත්
සමග සිරි ලකට වැඩමවීම නිසාද අපට උරුම වු සංස්කෘතික දායාද රාශියකි.තවත් අතකින් බැලු කල
මහින්දාගමනයත් සමගම අපට උරුම වුයේ එවකට ලෝකයේ පැවති විශිෂ්ඨතම කළා සම්ප්‍රදාය වු
මෞර්ය කලා සම්ප්‍රදායයි.බෞද්ධ කලාවේ පෝෂණයට ඉන් ලැබුණේ සුවිශේෂි දායකත්වයකි.
සදකඩ පහණ
වාහල්කඩ වැනි කලා නිර්මාණ සේම මහා කලු ගල් වලට පණ පෙවු සමාධි පිළිමය අවුකන පිළිමය වැනි විශ්ව කළාවේ
සමතැන් ගන්නා අග්‍රගන්‍ය කලා කලා කෘතිය නිම වුයේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙසයි.
මහින්දාගමනයත් සමග වැවයි දාගැබයි කෙතයි යන සංස්කෘතික සබැදියාවත්,ථෙරවාදී බුදු සමයේ කේන්ද්‍රස්ථානය
ලංකාව බවට පත් වීමත් අපගේ අනන්‍යතා ලක්ෂණ මනාව මුර්තිමත් වන අවස්ථාවන් ලෙස නම් කළ
හැක. මහින්දාගමනයත් සමගම අපට උරුම වු කළා නිර්මාණ මතු අනාගත පරපුර වෙනුවෙන් රැක
ගැනීම සදහා ක්‍රියා කිරීමට මෙම පොසොන් පොහොදා අපි තරයේ අදිටන් කර ගනිමු.
මෙම අසිරිමත් පොසොන් උත්සවය ඉතා
උත්කර්ෂවත් අන්දමින් අනුරාධපුර නගරයේ පැවැත් වෙන අතර සැදැහැති ජනතාව වන්දනා මාන කර ගැනීමට
නොයෙක් දෙසින් අනුරපුර නගරයට පැමිනෙති. ජනතාවගේ සිත් සතන් ඒකාලෝක කිරීමේ අරමුණින්
මේ ප්‍රදේශයේ සෑම පුජා භූමියකම පාහේ සීල ව්‍යාපාර, භාවනා වැඩ සටහන්, ධර්ම දේශනා, ධර්ම සාකච්චා, ආලෝක පුජා ආදී නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක වේ.
අනුරපුර උත්කර්ෂවත් අන්දමින් පවත්වන මෙම පොසොන් උත්සවය දැක බලා ගැනීමට ආගමික
කටයුතු වලට සම්බන්ධ විමට පැමිනෙන ජනතාවගේ විඩාව සංසිදවීම සදහා දහස් සංඛ්‍යාත
නොයෙක් ආකාර දන්සල් භක්ති ගීත වැඩ සටහන් තොරන් අපට දැකගත හැක. එක්රැස් වන ජනතාවගේ
ප්‍රමාණය අධික වීම නිසාම නොමිලේ ප්‍රවාහන සේවා ද මෙම පොසොන් සතිය තුල අනුරපුර
නගරයේ දක්නට ලැබේ.මෙම ඓතිහාසික නගරයට පැමිනෙන ඔබ මෙම පුජා භුමිය වන්දනාමාන කර
ගන්නා අතරම එය පිරිසිදුව තබා ගැනීමටද කාරුණික වන්න.
අපේ බෞද්ධ සභ්‍යත්වයට බෞද්ධ සංස්කෘතියට බෞද්ධ ශිෂ්ටාචාරයට ආගමික ගුණධර්මවලට ජාතික හා ආගමික කලාවන්ට පණ දෙන එක ම දිනය වෙසක් පොහෝ දිනය යි. බෞද්ධයා ගේ ශ්‍රද්ධා භක්තියත් කලා කාරයාගේ නිර්මාණ ශක්තියත් එකට එක් කරන මෙදින ලෝකයා ලබන නිරාමිස පී‍්‍රතිය සැනසිල්ල අන් කිසිදු දිනයක නො ලබයි. ජාතියත් ආගමත් දෙක එකට අත්වැල් බැඳගෙන යම් උත්සවයක් ලෝකයේ ජාතීන් විසින් පවත්වනු ලැබේ නම් ඒ එක ම උත්සවය සිංහල බෞද්ධයන් විසින් පවත්වනු ලබන වෙසක් උත්සවය යි.
වෙසක් පහනින් වෙසක් තොරණින් වෙසක් සැරසිල්ලෙන් ආලෝකවත් කරන්නේත්, අන් කිසිදු කරුණක් නිසා නොව බුදු හිමියන් අනන්ත සත්ව වර්ගයා විෂයයෙහි දැක්වූ මහත් දයාවට උපහාර දැක්වීමක් වශයෙනි.
වෙසක් දින සිදුවීම්
මෙයට සුරාසැති කප් සුවහසකට පෙර සුමේධ තාපස ව පඤ්චාභිඥා අෂ්ටසමාපත්ති උපදවා ගෙන සිටි අප මහා බෝසතාණන් වහන්සේ දීපංකර සර්වඥයන් වහන්සේ ප්‍රධාන සාරලක්ෂයක් රහතන් වහන්සේට ස්වකීය ජීවිතය පරිත්‍යාග කොට පස්වනක් පී‍්‍රතීන් පිනා බුදුහු අද මා හෙයක් කොට වඩිත්ව යි” මමද මතු ලොව්තුරා බුදු වී මේ බුදුන් සේ ම සියලු සතුන් සංසාර සාගරයෙන් ගළවමි’,යි ප්‍රාර්ථනා කරමින් මඩ මතුයෙහි වැතිර සිටියහ.
බුදුරජාණන් වහන්සේ දිවි පුද වැදහොත් බෝසතුන් දැක “මේ මනුෂ්‍යයෙක, ඉනුත් පුරුෂයෙක, හේතු සම්පත් ඇති සේ ය, බුදුන් දුටුවේ ය, තපස්වී ය, ධ්‍යානළාභී ය, අධිකාරත්වයෙන් යුක්ත ය, බුදුබව පතා හොත්තේ ය, මෙසේ හෙයින් පළමුවන අභිනිහාරයට (මුල් පැතුමට) සුදුසු වූ මේ ධර්මයෝ අටදෙන මම දැන් මොහු කෙරෙහි විද්‍යාමානය හ. මතු ගෞතම නම් බුදු වන්නේය’ යි ප්‍රථම නියත විවරණ දී වදාළ හා දීපංකර සර්වඥයන් වහන්සේ බෝසතුන් පැදකුණු කොට සමන් මල් අටමිටකින්පුදා වැඩි සේක.
බුදුවීමට සුදුසු කාලය එළඹෙන තෙක් බුද්ධාංකූරයන් වහන්සේලා ගේ චාරිත්‍ර ධර්මානුකූලව වෙසතුරු අත් බවින් සැව තුසිත දෙව්ලොව උපන්හ. සත් පනස් කෙළ සැට ලක්ෂයක් අවුරුදු ආයු ශ්‍රී වින්දනය කරමින් තුසිත පුරයෙහි සිටින සන්තුෂිත නම් දිව්‍යරාජයන් වහන්සේ වෙත බුද්ධ කෝලාහලය පහළ වූ කලැ දසදහසක් සක්වල දිව්‍යබ්‍රහ්මයෝ රැස් ව දොහොත් මුදුන් තබා සිට
“කාලො යං තෙ මහාවීර – උප්පජ්ජ මාතු කුච්ඡියං
සදෙවතං තාරයන්තො - බුජ්්ඣස්සු අමතංපදං”
යනු විසින් “ මහා වීරයන් වහන්ස” සමතිස් පැරුම් දම් පුරා සාරාසැති කප් සුවහසෙක් මුළුල්ලෙහි සසර ඇවිද පින් රැස් කළ තොප විසින් ශක්‍ර සම්පත් මාර සම්පත් බ්‍රහ්ම සම්පත් චක්‍රවර්ති සම්පත් ප්‍රත්‍යෙක බෝධි සම්පත් ශ්‍රාවක බෝධි සම්පත් ප්‍රාර්ථනා නොකරන ලදී. ඇස්, ඉස්, මස්, ලේ, අඹුදරුවන් දන් දුන් නුඹ විසින් බුදුබව ප්‍රාර්ථනා කරන ලදී. එසේ හෙයින්දැන් නුඹ වහන්සේගේ පාරමිතාවෝ කුළු ගත්හ. පස් බුදු කෙනෙකුන් ගෙන් උතුම් වන මේ මහා භද්‍ර කල්පයෙහි කකුසඳ - කෝණාගම – කස්සප - යන තුන් බුද්ධාන්තරයන් ඉක්ම ගොසිනි. දැන් මේ නුඹ වහන්සේ බුදු වන්නා වූ කාලය යි. බුදුන් ගේ චාරිත්‍ර අනුව මව්කුසෙක පිළිසිඳ ලොව්තුරා බුදුව දෙව්මිනිසුන් සසරින් ගොඩ නගා නිවන්පුර පුරවනු මැනැවැ’යි මෙසේ දස දහසක් සක් වළ දෙවියෝ ආරාධනා කළහ. එකල්හි බෝධි සත්ත්වයන් වහන්සේ දෙව්බඹුන් ගේ ආරාධනා පිළිගෙන
“කාලං දිපං ච දෙසං ච – කුලං මාතරමෙව ච
එතෙ පඤ්ච විලොකෙත්වා - උප්පජ්ජන්ති තථාගතා
යනු විසින් දැක්වෙන කාලය – දීපය - දේශය – කුලය – මවය යන පඤ්ච මහා විලෝකනය කොට දඹදිව මධ්‍ය දේශයේ කපිලවස්තු පුරයෙහි සුද්ධෝදන ශාක්‍ය රජතුමා ගේ අග බිසව වන මහාමායා මෙහෙසිය කුස ඇසළ පුනු පොහෝදා පිළිසිඳ ගෙන දසමස් සම්පූර්ණවීමෙන් මවුකුසින් ලුම්බිනී ශාලවනෝද්‍යානයේ දී බිහිවූයේත් වෙසක් පුනු පොහෝ දිනක ය. එසේ ලොව දිනූ මහසතාණන් වහන්සේ දස දික් බලා තමන් හා සම කෙනෙකුන් නොදැක සත් පියවරක් උතුරු දිගට වැඩ සප්තපාදන්තයෙහි සිට
අග්ගො හමස්මි ලෝකස්ස - ජෙට්ඨො හමස්මි ලෝකස්ස
සෙට්ඨො හමස්මි ලොකස්ස – අයමන්ති මාජාතී නත්ථි දති පුනබ්භවො
යනුවෙන් “මම ලෝකයට අග්‍ර වෙමි. ජ්‍යෙෂ්ඨ වෙමි. ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ආත්මභාවය යි. නැවැත උපතක් මගේ නැතැ’යි අභීත ජය සංඛනාදය පවත්වන ලද්දේත් වෙසක් පෝය දිනක ය. මෙසේ ලෝක ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ සිංහ නාද කළ පින්බර කුමරුවාණෝ ක්‍රමයෙන් ළමා විය ඉක්මවා තුරුණු වියට පත් ව සොළොස් වියෙහි දී යසෝධරා නම් රජ දියණිය සම¼ඟ සරණ බන්ධනයට ඇතුළත් වූහ. තුන් ඍතුවට සරිලන සේ රම්‍ය - සුරම්‍ය - සුභ - යැයි මාළිගා තුනෙක් ද විය.
මිහිපිට පෙනෙන සියලුම පස්කම් සුව එහි එක් තැන් ව ගියාක් මෙන් විය. කල් යත් යත් සසර දුක වැටහීමෙන් සියලු වස්තුව කෙරෙහි කළකිරීම ඇති වන්නට විය. ජාති ජරා මරණ තමන්ටත් මෙරමා හටත් සාධාරණ බව අවබෝධ වන්නට විය.
එකුන් තිස් විය එළඹ සිටි කල්හි පඤ්චකාම සම්පත්තිය කෙරෙහිකළ කිරීමට ඉවහල් වන කරුණු උයන් කෙළියට යද්දී දක්නට ලැබුණි. හැම දෙනට සාධාරණ මහලු බව - ලෙඩ රෝග හා මරණය තමාට ද සාධාරණ බව සිතමින් සිටි සිද්ධාර්ථ කුමරුන් හට සිවු පෙර නිමිති සියැසින් ම දක්නට ලැබීම ගිහි සැපතින් ඉවත් වීමට අතිශයින් උපකාර විය.
අශ්වත්ථ බෝධිමූලයෙහි වැඩ හිඳ භාවනාවෙහි යෙදීමෙන් සවාසනා සකල ක්ලේශයන් විධ්වංසනය කිරීමෙන් ලොව්තුරා සම්‍යක් සම්බෝධියට පැමිණ වදාළේත් වෙසඟ පුනු පොහෝ දිනක ය. අපරිමාණ කාලයක් මුළුල්ලෙහි මහ පොළොව කෑගස්වමින් සිදුකළ මහාමාර සංග්‍රාමයක අවසානය වෙසක් පොහෝදා අලුයම සිදුවිය. තමන් තමන් සමඟ සටන් කොට ජය ගැනීමේ විජය පී‍්‍රතිය
1. අනෙක ජාති සංසාර – සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවෙසත්තො - දුක්ඛාජාති පුනප්පුනං
2. ගහකාරක දිට්Àටාසි - පුන ගෙහං තකාහසී
සබ්බා තෙ ඵාසුකා හග්ගා - ගහකූටං විසංඛිතං
විසංකාරගතං චිත්තං - තණ්හානං ඛයමජ්ඣගා යනුවෙන්
1. “භවයෙහි නැවත නැවත ඉපදීම දුකෙකි. භවයෙහි නැවත නැවත ඉපදීම වශයෙන් ස්කන්ධ සංඛ්‍යාත ගෘහය කරන්නා වූ තෘෂ්ණා නැමැති වඩුවා සොයන්නා වූ මම ඔහු දක්නට පිළිවන් ඥානය නො මැතිව සසර අනාදිමත් කාලයක් මුළුල්ලෙහි සිය දහස් ගණන් ජාතිවල ඔබමොබ ඇවිද්දෙමි.
2. ස්කන්ධය නැමැති ගෙය කරන්නා වූ තෘෂ්ණා නැමැති වඩුවාණෙනි බුදු වූ මා විසින් දැන් නුඹ දක්නා ලද්දේ ය. නුඹ මින් මතු මට ස්කන්ධ නැමැති ගෙය නො කරන්නෙහි ය. මා විසින් නුඹ ගේ සියලු කෙලෙස් නැමැති පරාල බිඳින ලදී. අවිද්‍යා නැමැති කැණි මඬල අර්හත් මාර්ගඥාන නැමැති පොරොවින් පළා විනාශ කරන ලදී. දැන් මගේ සිත අරමුණු කිරීම් වශයෙන් නිවනට පැමිණියේ ය. මම තෘෂ්ණාවෙන් වෙන් වූ උතුම් අර්හත් ඵලයට පැමිණියෙමි යි වදාළේත් වෙසක් පොහෝ දිනයක ය.
විමුක්තියේ අසහාය ප්‍රතිපදා මාර්ගයෙන් ලෝකයා සනාථ බවට පත් කරමින් ලෝකාර්ථ චර්යාවෙහි යෙදුණු තථාගතයන් වහන්සේ මානයෙන් මත්ව දුර්ලබ්ධි ගෙන සිටි සිය පිය සුදොවුන් මහ රජුන් ප්‍රමුඛ ඥාති සමූහයාට හිතසුව සලසනු පිණිස ධර්ම දේශනා කරනු සඳහා කිඹුල්වත් පුරයට බුදුව පළමුව වැඩමකොට යමාමහ පෙළහර පැවැත්වූයේත් වෙසක් පුනු පොහෝ දිනයක ය.
dinamina.lk
වෙසක් පෝය
මුළු ලොව පුබුදු කරවන වෙසක් පුනු පොහොය සමස්ත ලෝකවාසී බෞද්ධයන් ගේ උත්තරීතර ආගමික දිනය වන අතර ලංකාවාසී සිංහල බෞද්ධයන් ගේ ශ්‍රේෂ්ඨතම ජාතික දිනය ද වන්නේය.අපේ බෞද්ධ සභ්‍යත්වයට බෞද්ධ සංස්කෘතියට බෞද්ධ ශිෂ්ටාචාරයට ආගමික ගුණධර්මවලට ජාතික හා ආගමික කලාවන්ට පණ දෙන එක ම දිනය වෙසක් පොහෝ දිනය යි. බෞද්ධයා ගේ ශ්‍රද්ධා භක්තියත් කලා කාරයාගේ නිර්මාණ ශක්තියත් එකට එක් කරන මෙදින ලෝකයා ලබන නිරාමිස පී‍්‍රතිය සැනසිල්ල අන් කිසිදු දිනයක නො ලබයි. ජාතියත් ආගමත් දෙක එකට අත්වැල් බැඳගෙන යම් උත්සවයක් ලෝකයේ ජාතීන් විසින් පවත්වනු ලැබේ නම් ඒ එක ම උත්සවය සිංහල බෞද්ධයන් විසින් පවත්වනු ලබන වෙසක් උත්සවය යි.
වෙසක් පහනින් වෙසක් තොරණින් වෙසක් සැරසිල්ලෙන් ආලෝකවත් කරන්නේත්, අන් කිසිදු කරුණක් නිසා නොව බුදු හිමියන් අනන්ත සත්ව වර්ගයා විෂයයෙහි දැක්වූ මහත් දයාවට උපහාර දැක්වීමක් වශයෙනි.
වෙසක් දින සිදුවීම්
මෙයට සුරාසැති කප් සුවහසකට පෙර සුමේධ තාපස ව පඤ්චාභිඥා අෂ්ටසමාපත්ති උපදවා ගෙන සිටි අප මහා බෝසතාණන් වහන්සේ දීපංකර සර්වඥයන් වහන්සේ ප්‍රධාන සාරලක්ෂයක් රහතන් වහන්සේට ස්වකීය ජීවිතය පරිත්‍යාග කොට පස්වනක් පී‍්‍රතීන් පිනා බුදුහු අද මා හෙයක් කොට වඩිත්ව යි” මමද මතු ලොව්තුරා බුදු වී මේ බුදුන් සේ ම සියලු සතුන් සංසාර සාගරයෙන් ගළවමි’,යි ප්‍රාර්ථනා කරමින් මඩ මතුයෙහි වැතිර සිටියහ.
බුදුරජාණන් වහන්සේ දිවි පුද වැදහොත් බෝසතුන් දැක “මේ මනුෂ්‍යයෙක, ඉනුත් පුරුෂයෙක, හේතු සම්පත් ඇති සේ ය, බුදුන් දුටුවේ ය, තපස්වී ය, ධ්‍යානළාභී ය, අධිකාරත්වයෙන් යුක්ත ය, බුදුබව පතා හොත්තේ ය, මෙසේ හෙයින් පළමුවන අභිනිහාරයට (මුල් පැතුමට) සුදුසු වූ මේ ධර්මයෝ අටදෙන මම දැන් මොහු කෙරෙහි විද්‍යාමානය හ. මතු ගෞතම නම් බුදු වන්නේය’ යි ප්‍රථම නියත විවරණ දී වදාළ හා දීපංකර සර්වඥයන් වහන්සේ බෝසතුන් පැදකුණු කොට සමන් මල් අටමිටකින්පුදා වැඩි සේක.
බුදුවීමට සුදුසු කාලය එළඹෙන තෙක් බුද්ධාංකූරයන් වහන්සේලා ගේ චාරිත්‍ර ධර්මානුකූලව වෙසතුරු අත් බවින් සැව තුසිත දෙව්ලොව උපන්හ. සත් පනස් කෙළ සැට ලක්ෂයක් අවුරුදු ආයු ශ්‍රී වින්දනය කරමින් තුසිත පුරයෙහි සිටින සන්තුෂිත නම් දිව්‍යරාජයන් වහන්සේ වෙත බුද්ධ කෝලාහලය පහළ වූ කලැ දසදහසක් සක්වල දිව්‍යබ්‍රහ්මයෝ රැස් ව දොහොත් මුදුන් තබා සිට
“කාලො යං තෙ මහාවීර – උප්පජ්ජ මාතු කුච්ඡියං
සදෙවතං තාරයන්තො - බුජ්්ඣස්සු අමතංපදං”
යනු විසින් “ මහා වීරයන් වහන්ස” සමතිස් පැරුම් දම් පුරා සාරාසැති කප් සුවහසෙක් මුළුල්ලෙහි සසර ඇවිද පින් රැස් කළ තොප විසින් ශක්‍ර සම්පත් මාර සම්පත් බ්‍රහ්ම සම්පත් චක්‍රවර්ති සම්පත් ප්‍රත්‍යෙක බෝධි සම්පත් ශ්‍රාවක බෝධි සම්පත් ප්‍රාර්ථනා නොකරන ලදී. ඇස්, ඉස්, මස්, ලේ, අඹුදරුවන් දන් දුන් නුඹ විසින් බුදුබව ප්‍රාර්ථනා කරන ලදී. එසේ හෙයින්දැන් නුඹ වහන්සේගේ පාරමිතාවෝ කුළු ගත්හ. පස් බුදු කෙනෙකුන් ගෙන් උතුම් වන මේ මහා භද්‍ර කල්පයෙහි කකුසඳ - කෝණාගම – කස්සප - යන තුන් බුද්ධාන්තරයන් ඉක්ම ගොසිනි. දැන් මේ නුඹ වහන්සේ බුදු වන්නා වූ කාලය යි. බුදුන් ගේ චාරිත්‍ර අනුව මව්කුසෙක පිළිසිඳ ලොව්තුරා බුදුව දෙව්මිනිසුන් සසරින් ගොඩ නගා නිවන්පුර පුරවනු මැනැවැ’යි මෙසේ දස දහසක් සක් වළ දෙවියෝ ආරාධනා කළහ. එකල්හි බෝධි සත්ත්වයන් වහන්සේ දෙව්බඹුන් ගේ ආරාධනා පිළිගෙන
“කාලං දිපං ච දෙසං ච – කුලං මාතරමෙව ච
එතෙ පඤ්ච විලොකෙත්වා - උප්පජ්ජන්ති තථාගතා
යනු විසින් දැක්වෙන කාලය – දීපය - දේශය – කුලය – මවය යන පඤ්ච මහා විලෝකනය කොට දඹදිව මධ්‍ය දේශයේ කපිලවස්තු පුරයෙහි සුද්ධෝදන ශාක්‍ය රජතුමා ගේ අග බිසව වන මහාමායා මෙහෙසිය කුස ඇසළ පුනු පොහෝදා පිළිසිඳ ගෙන දසමස් සම්පූර්ණවීමෙන් මවුකුසින් ලුම්බිනී ශාලවනෝද්‍යානයේ දී බිහිවූයේත් වෙසක් පුනු පොහෝ දිනක ය. එසේ ලොව දිනූ මහසතාණන් වහන්සේ දස දික් බලා තමන් හා සම කෙනෙකුන් නොදැක සත් පියවරක් උතුරු දිගට වැඩ සප්තපාදන්තයෙහි සිට
අග්ගො හමස්මි ලෝකස්ස - ජෙට්ඨො හමස්මි ලෝකස්ස
සෙට්ඨො හමස්මි ලොකස්ස – අයමන්ති මාජාතී නත්ථි දති පුනබ්භවො
යනුවෙන් “මම ලෝකයට අග්‍ර වෙමි. ජ්‍යෙෂ්ඨ වෙමි. ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ආත්මභාවය යි. නැවැත උපතක් මගේ නැතැ’යි අභීත ජය සංඛනාදය පවත්වන ලද්දේත් වෙසක් පෝය දිනක ය. මෙසේ ලෝක ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ සිංහ නාද කළ පින්බර කුමරුවාණෝ ක්‍රමයෙන් ළමා විය ඉක්මවා තුරුණු වියට පත් ව සොළොස් වියෙහි දී යසෝධරා නම් රජ දියණිය සම¼ඟ සරණ බන්ධනයට ඇතුළත් වූහ. තුන් ඍතුවට සරිලන සේ රම්‍ය - සුරම්‍ය - සුභ - යැයි මාළිගා තුනෙක් ද විය.
මිහිපිට පෙනෙන සියලුම පස්කම් සුව එහි එක් තැන් ව ගියාක් මෙන් විය. කල් යත් යත් සසර දුක වැටහීමෙන් සියලු වස්තුව කෙරෙහි කළකිරීම ඇති වන්නට විය. ජාති ජරා මරණ තමන්ටත් මෙරමා හටත් සාධාරණ බව අවබෝධ වන්නට විය.
එකුන් තිස් විය එළඹ සිටි කල්හි පඤ්චකාම සම්පත්තිය කෙරෙහිකළ කිරීමට ඉවහල් වන කරුණු උයන් කෙළියට යද්දී දක්නට ලැබුණි. හැම දෙනට සාධාරණ මහලු බව - ලෙඩ රෝග හා මරණය තමාට ද සාධාරණ බව සිතමින් සිටි සිද්ධාර්ථ කුමරුන් හට සිවු පෙර නිමිති සියැසින් ම දක්නට ලැබීම ගිහි සැපතින් ඉවත් වීමට අතිශයින් උපකාර විය.
අශ්වත්ථ බෝධිමූලයෙහි වැඩ හිඳ භාවනාවෙහි යෙදීමෙන් සවාසනා සකල ක්ලේශයන් විධ්වංසනය කිරීමෙන් ලොව්තුරා සම්‍යක් සම්බෝධියට පැමිණ වදාළේත් වෙසඟ පුනු පොහෝ දිනක ය. අපරිමාණ කාලයක් මුළුල්ලෙහි මහ පොළොව කෑගස්වමින් සිදුකළ මහාමාර සංග්‍රාමයක අවසානය වෙසක් පොහෝදා අලුයම සිදුවිය. තමන් තමන් සමඟ සටන් කොට ජය ගැනීමේ විජය පී‍්‍රතිය
1. අනෙක ජාති සංසාර – සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවෙසත්තො - දුක්ඛාජාති පුනප්පුනං
2. ගහකාරක දිට්Àටාසි - පුන ගෙහං තකාහසී
සබ්බා තෙ ඵාසුකා හග්ගා - ගහකූටං විසංඛිතං
විසංකාරගතං චිත්තං - තණ්හානං ඛයමජ්ඣගා යනුවෙන්
1. “භවයෙහි නැවත නැවත ඉපදීම දුකෙකි. භවයෙහි නැවත නැවත ඉපදීම වශයෙන් ස්කන්ධ සංඛ්‍යාත ගෘහය කරන්නා වූ තෘෂ්ණා නැමැති වඩුවා සොයන්නා වූ මම ඔහු දක්නට පිළිවන් ඥානය නො මැතිව සසර අනාදිමත් කාලයක් මුළුල්ලෙහි සිය දහස් ගණන් ජාතිවල ඔබමොබ ඇවිද්දෙමි.
2. ස්කන්ධය නැමැති ගෙය කරන්නා වූ තෘෂ්ණා නැමැති වඩුවාණෙනි බුදු වූ මා විසින් දැන් නුඹ දක්නා ලද්දේ ය. නුඹ මින් මතු මට ස්කන්ධ නැමැති ගෙය නො කරන්නෙහි ය. මා විසින් නුඹ ගේ සියලු කෙලෙස් නැමැති පරාල බිඳින ලදී. අවිද්‍යා නැමැති කැණි මඬල අර්හත් මාර්ගඥාන නැමැති පොරොවින් පළා විනාශ කරන ලදී. දැන් මගේ සිත අරමුණු කිරීම් වශයෙන් නිවනට පැමිණියේ ය. මම තෘෂ්ණාවෙන් වෙන් වූ උතුම් අර්හත් ඵලයට පැමිණියෙමි යි වදාළේත් වෙසක් පොහෝ දිනයක ය.
විමුක්තියේ අසහාය ප්‍රතිපදා මාර්ගයෙන් ලෝකයා සනාථ බවට පත් කරමින් ලෝකාර්ථ චර්යාවෙහි යෙදුණු තථාගතයන් වහන්සේ මානයෙන් මත්ව දුර්ලබ්ධි ගෙන සිටි සිය පිය සුදොවුන් මහ රජුන් ප්‍රමුඛ ඥාති සමූහයාට හිතසුව සලසනු පිණිස ධර්ම දේශනා කරනු සඳහා කිඹුල්වත් පුරයට බුදුව පළමුව වැඩමකොට යමාමහ පෙළහර පැවැත්වූයේත් වෙසක් පුනු පොහෝ දිනයක ය.
dinamina.lk
No comments:
Post a Comment