ඓතිහාසික අනුරපුරය

එන්න ඓතිහාසික අනුරපුර අසිරිය විදින්න. ඔබට ඡය ශ්‍රී මා බෝ සමිදු පිහිටයි..................

සිද්ධස්ථාන වන්දනා කරන ගාථා

සිද්ධස්ථාන වන්දනා ගාථා

 

ජයසිරිමහ බෝධින් වහන්සේ වදින ගාථාව


සුපතිට්ඨිත රට්තනුරාධපුරේ
සමතිට්ඨිත දක්ඛිණ ශාකභවං
සුභමේඝ වනම්භර මෙඝ නිභං
ජයබෝධි මහං පණමාමිවරං

තේරුම  :
අධිටන් බලයෙන් අනුරාධ ප්‍රදේශයෙහි යහපත්ව පිහිිටි මේ බෝධින් වහන්සේ ශ්‍රි මහා බෝධියේ දක්ෂිණ ශාඛාවයි. මෙිඝ වනය අහසක් නම් ශ්‍රී මහා බෝධිය එහි වැසි වළාවන් වැන්න.ඒ බෝධින් වහන්සේට මම නමස්කාර කරමි.

රුවන්වැලි චෙෙත්‍යය වදින ගාථාව

සයිංයු යස්මින් සුගතස්ස ධාතුං
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණමාලීති පනීත නාමං
වන්දාමහං ථුපවරං මහග්ඝං

සංසුඩෝ සුධච්ත්තෝ ගුණමානහරණෝ සිහලින්දෝ   
නරින්දෝ යෝ රාජා ධාතුයෝ තං දස බල තනුජා
ගාමිණි නාම සෙට්ඨෝ නාගානං සන්තිකෝ ථෝ
මුනි සුත යනිනෝ සොපනාරේන ගඪා කාරෙක්වා
ධතු ගබ්භා සුමති හිද හිතං ථුපරාජං නමාමි                             
                  
තේරුම
ස්වර්ණමාලි යන නමින් ප්‍රසිද්ධ ව්‍රණ මේ උතුම් ධාගැබේ සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් වු රශ්මියෙන් බබළන බුද්ධ ප්‍රතිමාවක් ඇත.මේ උතුම් දාගැබ් වහන්සේට මම වන්දනා කරමි.
අභයගිරි චෙෙත්‍යය වදින ගාථාව

කත නව මණිකම්මෙ ධාතුගබ්භේ සුරම්මේ
කනක වසභ කුච්ජ්ං ධාතුයො පුරයිත්වා
විහිත මභය ර‍ඣ්ඣා පත්ථයිත්වාන මොක්ඛං
අභයගිරි විහාරේ චාරුථුපං නමාමි

තේරුම
අලුතින් හැදු මැණික් හැඩ ඇති මනහර ධාතු ගර්භය ධාතුන් වහන්සේලාගෙන් පුරවා අභය(වළගම්භා) රජතුමා කරවු උතුම් අභෙගිරි දාගැබ් වහන්සේට මම වන්දනා කරමි.
ජේතවනාරාමය චෙෙත්‍යය වදින ගාථාව

පතිට්ඨ පෙත්වා ජිනකායය බන්ධනං
සකේසධාතුං සහ දේහධාතුයො
මහා මහාසේන නරින්ද කාරිතං
සුචේතියං ජේතවනං නමාමහං

 තේරුම
බුදුන් වහන්සේගේ පටී ධාතුව,කේශ ධාතුව සහ තවත් ශාරිරික ධාතුන් වහන්සේලාත් තැන්පත් කොට මහාසේන රජතුමා කරවු මේ උතුම් ජේතවන දාගැබ් වහන්සේට මම නමස්කාර කරමි.

ථුපාරාම චෙෙත්‍යය වදින ගාථාව

යස්මිං දක්ඛිණ මක්ඛිකඣ්ච මුනිනො පත්තප්පමානො තනු
ධාතුං වාපි නිධාය ලෝකමහිතං ජබ්බණ්ණ සෝභා කුලං
දෙවානං පියතිස්ස භූපතිවරෝ කාරෙසි සද්ධාධනො
ථුපාරමවරං නමාමි තමහං අජ්ඣායිතං සත්ථුනා

තේරුම
බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුවත්, පාත්‍රයක් පිරූ ශාරීිරික ධාතුන් වහන්සේලාත්, නිධන් කොට සැදැහැති දේවානම්පිය තිස්ස රජතුමා කරවු මේ ශෝබාමත් දාගැබ් වහන්සේට මම නමස්කාර කරමි.

මිරිසවැටි චෙෙත්‍යය වදින ගාථාව

අභයරාජ සධාතුක කේතුවරං                  

සුනිධායකතං බහුමානිතං
සකලහිතං පන මෙ සදා
මරිච වට්ටික චේතිය මුත්තමං

තේරුම
ධාතුන්වහන්සේලා නිධන් කොට ඇති කුන්තායුධය නිධන් කොට දුට්ඨගාමිණි අභය රජතුමා තැනවු සියලු දෙනාටම යහපත සලස්සනා උතුම් මිරිසවැටි දාගැබ් වහන්සේට මම නමස්කාර කරමි.

ලංකාරාමය චෙෙත්‍යය වදින ගාථාව

සේල සොබ්බ ඛණ්ඨකෙ පුරානි වාසිතෙ
වට්ටගාමිණි සමණඣ්ඣ භූමි සාමිනං
බුද්ධරාජධාතු පට්ඨපෙත්වා කාරිනං
ලංකාරාම නාමධෙය චේතියං නමේ

තේරුම
තමන් කලින් වාසය කල ගල්හෙබකඩ නම් ස්ථානයේ වළගම්බා රජතුමා විසින් සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් කොට තැනවු ලංකාරාම චෛත්‍යට මම නමස්කාර කරමි.

ඉසුරුමුණිය වදින ගාථාව

දේවානං පියතිස්සෙන මහා රාජේත සාධුකං
ධාතුයො නිධාභිකත්වා සීලය පටාමාසුභා
යහිංකරාපිතෝ සත්තා නෙත්ත චත්ත පියංකරා
ඉස්සර සමනාරාමෙ භාසුරකං නමෝවරං"

1 comment: