අභයගිරිය
අභයගිරිය ගැන සත්‍ය
තොරතුරු දතහැකි කිසිම වාර්තාවක් තවම සොයා ගෙන නැත.ඒ පිළිබද යම් ප්‍රමාණයක් හෝ
කරුණු දැන ගැනිමට ඇත්තේ පුරාවස්තු හා සෙල්ලිපි කිහිපයකුත් මහාවිහාරිකයන්
විසින් සපයන ලද වාර්තාවක් පමණි.
අභයගිරියේ ආරම්භය
අනුරාධපුරයේ උතුරු වාහල්කඩට
පිටතින් අභයගිරි විහාරය පිහිටියේය. අභයගිරි විහාරය ආරම්භ වි ඇත්තේ ක්‍රි.ව.පෙර පළමු වන සියවසේදි බව මහා වංසයට අනුව සිතිය හැකිය. එය වලගම්බා රාජ්‍ය සමයයි.වළගම්භා රජුන් කළ ද්රවිඩ සටනේදි තිස්ස නම් තෙරනමක් රජතුමාට සහය
දුන්නේය.රජතුමා නැවත බලයට පත් වු පසු ගිරි නිගණ්ඪ පුජකවරයා සිටි ආරාමය බිදවා එහි
කළ පන්සල තමාට උදව් උපකාර කළ තිස්ස තෙරුන්ට රජතුමා විසින් පුදනු ලැබිය.අභයගිරි
විහාරය පිළිගත් තෙරුන් කෙම්ගළ වැසි තිස්ස නමිනි නිකාය සංග්‍රහය හදුන්වයි.උන්වහන්සේ
කුල සංගට්ඨයක් කළ නිසා, එනම් රජු හා පැවති කිට්ටු සම්භන්ධය නිසා මහා විහාර
භික්ෂුන් වහන්සේ විසින් තිස්ස තෙරුන් සංඝ සමාජයෙන් නෙරපා දමනු ලැබිය.(පබ්බජනිය
කර්මය) උන්වහන්සේගේ ශිෂ්‍යකු වු (බහල මස්සු තිස්ස යනුවෙන්ද) සදහන් වේ.මහදැළියා
තිස්ස (මහ
රැවුලක් ඇත්තා) නම් උගත් තෙර කෙනෙක් තිස්ස තෙරුන්ට කළ විනය කර්මය යුක්ති
සහගත නැතැයි විරෝධය පළ කළ හ.මහා විහාරික භික්ෂුහු උන්වහන්සේට ද දඩුවම් පැමිණ
විය.ඉක්බිති ඒ මහ දැළියා තිස්ස තෙරණුවෝ තවත් භික්ෂුහු 500 නමක් සමග මහා විහාරය
තුලින් නික්ම ගොස් අභයගිරි විහාරයේ පදිංචි වුහ.රජුත්, දේවියත්, ඇමති ගණයාත් විසින්
කරවන ලද සොමාරාමය දක්ඛිණ විහාරය මුලවෝකාර විහාරය,සාලියාරාමය යන ස්ථාන සියල්ලද
අභයගිරි විහාරයේ පදිංචියට ගිය මෙම ගුරු ශිෂ්‍ය දෙදෙනා වහන්සේම උගත් ප්‍රසිද්ද
තෙරවරු වුහ.
අභයගිරි විහාරයේ වර්ධනය හා රාජ අනුග්‍රහය
අභය විහාර,
අභයුත්තර විහාර,උත්තර විහාර යන විවිධ නම් වලින් පුරාණයේ දි අභයගිරි විහාරය හදුන්වා
ඇත.අභයගිරිය වරිනි වර දඹදිවින් ගෙන එන ලද ධර්ම රුචි නිකාය වෛතුල්‍ය
වාදය,වාජිරිය වාදය,ආදි
වෙනස් වාදයන්ට මධ්‍යස්ථානයක් විය.ක්‍රමයෙන් දියුණුවට පත් අභයගිරි විහාරයට බොහෝ විට
රාජ්‍ය අනුග්‍රහය ලැබුණි.ගජබා රජ (ක්‍රි.ව.114-136)අභයගිරි ථුපය විශාල කරවා
විහාරයේ පැවැත්ම පිණිස වෙන් කළ ඉඩකඩම් වගා කිරිමට ජලය ලබා ගැනිම සදහා ගාමිණි තිස්ස
නමින් ජලාශයක් බැන්දවි ය.කණිටු තිස්ස රජතුමා භූතාරාමවාසි මහානාථ ස්ථවිරයන් වහන්සේට
පැහැදි අභයගිරියෙහි
රක්තප්‍රාසාදය
කරවා දුන්නේ ය. ක්‍රි.ව.3 සියවසේ පැමිණි වොහාරික තිස්ස රජතුමා වෛතුල්‍ය වාදය විනාශ
කළ අයෙකු වුවද එතුමා චෛත්‍ය අටක ජත්‍ර සවි කල බව සදහන් වේ.එයින් එක් චෛත්‍යක්
අභයගිරියයි.
මහසෙන් රජකල
(ක්‍රි.ව.274-301)අභයගිරිය මහත් දියුණුවට පත් විය.අභයගිරි වාසීන්ගේ පක්ෂය ගත්
රජතුමා මහා විහාරයට අයත් විහාර ආරාම කඩා බිඳ දමා එවායෙහි වස්තුව අභයගිරිය දියුණු
කිරීම සඳහා යෙදවීය. ඉන් අභයගිරියට තව තවත් ගොඩනැගිලි එක් වීය.2වන පෑතිස් රජතුමා
විසින් ථුපාරාමයේ ගොඩනගන ලදැයි සැලකෙන “මහා
කාල සිලා”ප්‍රතිමාව නම්
වු බුදු පිළිමයද අභයගිරියට ගෙන යන ලදී.මහා විහාරයට අයත්ව තිබුණු මිහින්තලේ සෑගිරියටද ,පුර්වාරාමය,(පුලියන් කුලම)නම්
විහාරය ද රජු විසින් අභයගිරි පක්ෂය වෙත පවරා දෙන ලදී.
සිරිමෙවන් රජු (ක්‍රි.ව.
301-328) කල ද නැවතත් අභයගිරියට රාජ අනුග්‍රහය ලැබුණි.අභයගිරි
විහාරය,විශාල කරවීම,බෝධි ද්‍රැමයක් පිහිටුවීම,ද්‍රඨග්ග බෝධිඝර නම් මන්දිරයක් කර
වීම,ආදියෙන්
රජතුමා අභයගිරියේ දියුණුවට කටයුතු කළේ ය.මේ රජු දවස ලක්දිවට වැඩමවන ලද දළදා වහන්සේ
අභයගිරියට වැඩමවා ධාතු පුජා පැවැත්වීමට ද රජතුමා නියම කළේ ය.අභයගිරියෙහි මෙම දළදා
උත්සවය වාර්ෂිකව පවත්වා ඇත.දින 90මෙම උත්සවය පවත්වා ඇත.දළදා වහන්සේ පිළිබඳ
සම්පුර්ණ භාරකාරත්වය ද අභයගිරියට පැවරී තිබුණි.දළදා වහන්සේ පමණක් නොව කේෂ ධාතුන්
වහන්සේද පාත්‍රා ධාතුවද තැන්පත් කොට තිබුනේ අභයගිරියේය. පාහියන් හිමි සදහන් කරන
අන්දමට අභයගිරියෙහි නේවාසික භික්ෂුහු 500ක් විසුහ.
ද්‍රවිඩ
සංහාරයෙන් පසුව බලයට පත් ධාතුසේන රජතුමා අභයගිරියට ද දායකත්වය දැක්වීය.අභයගිරි
දාගැබෙහි කැඩී බදී ගිය ජත්‍ර ප්‍රතිසංස්කරණය කරවන ලද්දේ මෙතුමාය.මේ රජතුමා බුදු බව
පතා බෝධියට නහනුමුර
පුජාවක් (බෝධිය නෑවීමක්)
කළේය.මෛත්‍රි බෝසත්
රුවකට රාජාභරණ පැළඳවීමක් කළ අතර, බෝධිසත්ව
ඝරයක් ද
කළ බව මහා වංසය සඳහන් කරයි. මෙයින් පසුව බලයට පත් සීගිරි කාශ්‍යප රජතුමා ද, කීර්ති ශ්‍රි මේඝ වර්ණ රජතුමා
ද ,පළමු අග්බෝ රජතුමා ද ශීලා මේඝ වර්ණ රජතුමා ද, දෙවන අග්බෝ රජතුමා ද මහ විහාරයට
මෙන්ම අභයගිරියට ද පක්ෂපාතීව කටයුතු කළ බව සදහන් වේ.
ක්‍රි.ව.7වන සියවසේ
දී පමණ රාජ්‍යට පත් දාඨෝපතිස්ස රජු,කප්පුර පිරිවෙන හා නිඵුපුල් විහාරයද ගොඩනගා
අභයගිරියට පුජා කළ බව සඳහන් වේ.පස්වන කාශ්‍යප රජු (ක්‍රි.ව.914-923)සමයෙහි මිහින්තලේ චේතිය පබ්බත විහාරය හා ඇත් වෙහෙර අභයගිරි
විහාරයට අයත් ප්‍රධාන ආයතනයක් වු කපාරමුලයට පැවරුණි.මෙම
කපාරමුලය 7වැනි සියවසේ සිට 11වන සියවස දක්වාම ආගමික කාර්යයන් හී වැදගත් තැනක්
ඉසිලීය.විජයබා රජු ද්‍රවිඩයන් සමග කළ සටනේ දී අභයගිරි විහාරය රජුට උපකාර කළ නිසා
සතුරන් පරදවා රාජාභිශේකය ගත් එතුමා අභයගිරිය සඳහා උත්තර
මුල පිරිවෙන
කරවා පිදීය.එකළොස් වන සියවස වන විට අභයගිරිය මහත් ශ්‍රී විභූතියෙන් බැබළුණි.පොළොන්නරු
යුගයේ දී 1 වන පරාක්‍රමබාහු රජු විසින් ඇති කළ සංඝ සාමාග්‍රියත් සමඟ අභයගිරි විහාර
පක්ෂය වෙනම සම්ප්‍රධායක් වශයෙන් පෙනී සිටිම නැවතුණි.13වන සියවසේ දී පමණ අනුරාධපුර
රාජධාණියේ බිඳ වැටීමත් සමඟ අභයගිරි විහාරය ද ඉතිහාසයෙන් ගිලිහී ගියේය.එසේ වුවද අභයගිරියට
අයත් (උතුරොළ) උත්තර
මුල හා මහනෙත් පාමුල
යන ආයතන 16වන සියවස දක්වාම ඒ නාමයෙන් පැවත ආවේය.
මෙය නැවත ප්‍රතිසංස්කරණය
කීරිම භාරගනු ලැබුවේ 1981 මධ්‍යම සංස්කෘතික අරමුදල මගිනි. මේ වන විට
මෙම චෛත්‍ය ප්‍රතිසංස්කරණය කර ඇති අතර දැනට මෙහි උස අඩි 245කි.දාගැබ
පිහිටා ඇත්තේ සමචතුරස්‍රාකාර සල පතල මළුවකය.එහි එක පැත්තක දිග අඩි587කි.ස්ථුපය ඉදිරියෙන් බහිරව
රූප 2ක්
ද දක්නට ලැබේ.පේසාවන් තුන ගර්භය,හතරැස් කොටුව යුපය හා ජත්‍රය යන අංග වලින්
යුක්ත විය.සර්වාස්තිවාදීන්ගේ ස්ථුප වලද මේ ලක්ෂණය ඇති නිසා සර්වාස්තිවාදීන්ගේ ස්ථුප සම්ප්‍රධායට අයත් එකක් සේ සැලකිය හැක.තවද හත්ති වේදියක් තුන් වන පේසාවට උඩින් පිහිටා තිබු බවද කියවේ.ස්ථුපයේ මළුවට සතර පැත්තෙන්ම ඇතුළු වන දොරටු ද සතර පැත්තේ වාහල්කඩ 4 ද
සලපතල මළුව,එහි ඇත් පවුර,වැලි මළුව එහි ප්‍රකාරය හා ගෝපුර ද වෙයි.
අභයගිරියේ ඉතා අලංකාර කෞතුකාගාරයක් ද දැකගත හැකි අතර එහි අභයගිරි පුරාවස්තු දැකගත හැකි වේ.මෙය විදේශිකයන්ගේ ආකර්ශනය පවා දිනා ගැනීමට සමත් වී ඇත.
අභයගිරියේ ඉතා අලංකාර කෞතුකාගාරයක් ද දැකගත හැකි අතර එහි අභයගිරි පුරාවස්තු දැකගත හැකි වේ.මෙය විදේශිකයන්ගේ ආකර්ශනය පවා දිනා ගැනීමට සමත් වී ඇත.
No comments:
Post a Comment