සමාධි බුදු පිළිමය
ලොව හොඳම හිඳි පිළිමය ලෙස සලකෙන
අනුරධපුරයේ මහමෙව්නා උයනේ පිහිටි සමධි බුදු පිළිම වහන්සේ ක්‍රි.ව. 4-5 සියවස් වලදී කරවූ එනම් අනුරධපුර යුගයට අයත් නිර්මාණයක් ලෙස සලකේ. කළුගල් මාධ්‍යයෙන් පූර්ණ උන්නතව නෙලා ඇති මෙම පිළිම වහන්සේ කෙරෙන් වීරාසන ක්‍රමය හා ධ්‍යාන මුද්‍රාව නිරූපිත වේ. බුදුරජුන්ගේ අසමාන පෞරුෂය, ආධ්‍යාත්මික අති මානුෂික ලක්ෂණ, මුදු මොළොක්, සෘජු ජීවී බව මෙම පිළිමයෙන් පිලිබිඹු වන බව මෙම පිළිමය පිලිබඳ අධ්‍යයනය කරන උගතුන්ගේ මතයයි.
ඇඟට ඇලුනු සිවුර, එක් රැල්ලකින් පමණක් දැක්වීම ශිල්පියා තුල වූ නිර්මාණශීලී කුසලතවය කියපායි. පිරුණු රවුම් ශාන්ත මුහුණින් මහා කරුණාව ප්‍රකශ වේ. සිරස් පත යන්තම් දැක්වෙන ආකාරයට නෙලා ඇත. කෙස්ගස් ගොළුබෙල්ලෙකුගේ හැඩය ගත් රැලි ගසුණු ආකරයක් ගන්වා නෙලා ඇත. ලම්භකර්ණ වූ සවන් පත්, අඩවන් දෙනෙත්, සෘජු නාසය, තොල් සඟල අතර යාන්තමින් පොපියන සිනහව ඇති ආකරයට නෙළා ඇති නිසා සම්පූර්ණ පිළිමයටම ශාන්ත බවක් එක්වෙයි. බෙල්ල මුල ඇති රැල්ල නිසා මේ පිළිමය ගුප්ත කලා සම්ප්‍රධායට අයත් නිර්මණශීලී ගුණයක් පෙන්නුම් කරයි.
අඩි 7 අඟල්
9ක් පමණ උස මේ පිළිමයේ ප්‍රහා මලාවක් හෝ රැස් මාලාවක් නැති අතර, මෙය සිංහල ස්වාධීන කලාශිල්පියෙකුගේ නිර්මණයක් යැයි මර්ටින් වික්‍රමසිංහ මහතා පවසා ඇත. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ ජන නායකයෙකු වූ ශ්‍රී ජවහර්ලාල් නෙරු තුමා බ්‍රිතාන්‍යයන් යටතේ 1940 දී සිරභාරයට පත්ව සිටියදී මෙම පිළිමයේ ඡායාරූපයක් දැක පවසා ඇත්තේ එම ඡායාරූපය දකීමෙන් තමට අස්වැසුමක් හා ශක්තියක් ඒ තුලින් ලැබුණු බවයි.
අපගේ බෞද්ධ සිද්ධස්ථාන වලට ඇතුළු
වන දොරටු වල පියගට පෙළ ආරම්භයේ ඇති අර්ධ කවා කාර ගල් පඩිය පොදුවේ සඳකඩපහණ
නමින් හඳුන්වයි. ඉතාමත් අලංකාර කැටයම් සහිත නිර්මාණයක් වන මේ සඳකඩ පහණ පිළිබඳ විවිධාකාරයේ අදහස් අප රටේ පුරාවිද්‍යාඥයින්
විසින් ඉදිරිපත් කර තිබෙනවා. අනුරාධපුර යුගයේ සිද්ධස්ථාන ආශ්‍රිතව මුලින්ම
හමුවන සඳකඩ පහණ විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් වුවද අද දක්වාම පවතිනවා.
එහෙත් ඓතිහාසික වැදගත්කමකින් යුතුව කතාබහට ලක් කරන සඳකඩ පහණ අපට හමුවන්නේ
අනුරාධපුර යුගයේදී හා පොලොන්නරු යුගයේ දී ය.
අනුරාධපුර යුගයට අයත් සඳකඩ පහණේ පිටතට හා ඇතුලතට විහිදුනු පෙති දෙපෙලක් සහිත සම්ප්‍රදායිකව අපට දැකිය හැකි අර්ධ පද්මයක් හෙවත් පියුමක් තිබෙනවා හංසාවලිය ,ලියවැල හා එකිනෙකා පිටුපස එකිනෙකා ගමන් කරන ඇතා,ගවයා,සිංහයා,අශ්වයා යන සතුන් හතර දෙනාත් අර්ධ පද්මයත් සමගම සඳකඩ පහණේ කැටයම් කර තිබෙනවා. එමෙන්ම සඳකඩ පහණේ කෙළවර ගිනිසිලු ආකාරයේ පළාපෙති කැටයමක්ද දක්නට ලැබේ. මේ සියලු කැටයම් ඉතා අලංකාර ලෙස එකල ගල්වඩුවා නෙලා ඇති බව අනුරාධපුර සඳකඩ පහණ අධ්‍යයනයේදී පෙනී යයි.
පොලොන්නරු යුගයට අවතීර්ණ වීමේදී ක්‍රමයෙන් සඳකඩ පහණේ සිටි සත්වපේළියේ ගවයා ඉවත්වී තිබෙනවා. එමෙන්ම ලියවැල ඉතා හොඳින් කැටයම් කර ඇති අතර මෙහි පලාපෙති මෝස්තරය ඉන්දියාවේ නාගාර්ජුන කැටයම් වලට සමාන ලක්ෂණ පෙන්වයි. මෙම කාලයේ සඳකඩ පහණින් ගවයා ඉවත් වූයේ දමිළ ආක්‍රමණ නිසා එකල රාජ වන්ශිකයින් ශිව දෙවියන් අදහූ නිසාත් ,ගවයා යනු ශිව දෙවියන්ගේ වාහනය නිසාත් බව විචාරකයෝ අදහස් දක්වති.
පොලොන්නරු යුගයේ නටඹුන් වල අපට අර්ධ කවාකාර සඳකඩ පහණ හමු වුවත් පොලොන්නරු යුගයට අයත් ආලාහන පිරිවෙනේ ඇති සඳකඩ පහණ
නාගාර්ජුන කැටයම් වලට සමාන ලක්ෂණ පෙන්වයි. මෙම කාලයේ සඳකඩ පහණින් ගවයා ඉවත් වූයේ දමිළ ආක්‍රමණ නිසා එකල රාජ වන්ශිකයින් ශිව දෙවියන් අදහූ නිසාත් ,ගවයා යනු ශිව දෙවියන්ගේ වාහනය නිසාත් බව විචාරකයෝ අදහස් දක්වති.
පොලොන්නරු යුගයේ නටඹුන් වල අපට අර්ධ කවාකාර සඳකඩ පහණ හමු වුවත් පොලොන්නරු යුගයට අයත් ආලාහන පිරිවෙනේ ඇති සඳකඩ පහණ හතරැස් ආකාර ගන්නවා. මෙහි හංසාවලිය හා අර්ධ පද්මය පමණක් දක්නට ලැබෙනවා.
සඳකඩ පහණේ අර්ථය
විවිධ පුරාවිද්‍යාඥයින් මේ සඳකඩ පහණේ අර්ථ දැක්වෙන දේ පිළිබඳ විවිධ අදහස් දරනවා. මේ අතර පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතා විසින් පළ කළ අදහස බොහෝ දෙනා පිළිගන්නවා.
"සඳකඩ පහණේ ඇති ලියවැල තුලින් තණ්හාව මුර්තිමත් වන බවත්, ලෝක සත්වයා තණ්හාව නැමති ලතාවෙන් බැඳී කම්සුව විඳින බවත් පෙන්නුම් කරයි. හංසාවලිය තුළින් තණ්හාවට පිටුපා ගිහිගෙය හැරයන ආර්යයන් පෙන්වන බවත් හංසයා කිරෙන් දිය වෙන්කල හැකි සත්ත්වයෙක් බව පිළිගන්නා නිසා හොඳ නරක වෙන්කර ගත හැකි පුද්ගලයින් මේ තුලින් පිලිබිඹු වන බවත් පෙන්නුම් කරයි.
මෙහි කැටයම් කර ඇති පියුමෙන් ශුද්ධ වාසයක් වන බඹලොව පෙන්නුම් කරන බවත් රාග, ද්වේශ, මෝහ නම් වූ ගින්නෙන් පිළිස්සෙන ගිනිසිළු ආකාර පලාපෙති වලින් ලෝක සත්ත්වයා පෙන්නුම් කෙරෙනවා ඇතා,අශ්වයා,සිංහයා,ගවයා ගෙන් ජාති ජරා ව්‍යාදී මරණ යන සතර භය පෙන්නුම් කරන බවත් සතුන් හතර දෙනා කවය තුල නැවත නැවතත් කටයම් කිරීම තුලින් ලෝක සත්වයා ඉපදෙමින් මිය යමින් නැවත අඛණ්ඩව සසර පුරා ගමන් කිරීම සිදුකරන බව මේ තුලින් පෙන්නුම් කරන බව පරණවිතාන මහතාගේ අදහසයි. එමෙන්ම දුක අවබෝධ කරගත් සත්ත්වයා කෙසේ හෝ නිවන් මාර්ගයට යන බවද මේ මගින් අදහස් වන බවද පරණවිතාන මහතා තවදුරටත් දක්වා සිටියි.
උපුටා ගැනීම= http://srilankanarteka.blogspot.com
සදකඩ පහන

No comments:
Post a Comment