ඓතිහාසික අනුරපුරය

එන්න ඓතිහාසික අනුරපුර අසිරිය විදින්න. ඔබට ඡය ශ්‍රී මා බෝ සමිදු පිහිටයි..................

අනුරාධපුරය ආශ්‍රීත පොකුණු



අනුරාධපුරය ආශ්‍රීත පොකුණු
කුට්ටම් පොකුණ
                                 

කුට්ටම යනු යුගලයයි. කුට්ටම් පොකුණ ද පොකුණු දෙකකින් සමන්විත වූවකි. ඒ නිසාම එම නාමය ලද බව සිතිය හැකිය. අභයගිරි විහාරික භික්ෂූන්ගේ ප්‍රයෝජනය උදෙසා තැනුවේ යයි විශ්වාස කෙරෙන කුට්ටම් පොකුණෙහි පොකුණු දෙක එකම අවස්ථාවක ඉදිකළේ යැයි පිළිගත නොහැකිය. වම්පස පොකුණෙහි ශෛලමය පියගැට 20ක් වන අතර දකුණුපස පොකුණෙහි ඇත්තේ පියගැට 18 කි. වම්පස පොකුණ අඩි 91 ක් දික්වන අතර දකුණුපස පොකුණ අඩි 132 ක් දිගය. ඒවා පිළිවෙලින් අඩි 14ක් හා 17ක් පළලය. පොකුණු දෙක අතර ඇති පරතරය අඩි 9කි. ඒවා සම්බන්ධ වන නළයක් ඇති අතර පළමුව ජල සැපයුම ලබා ගන්නා වම්පස පොකුණෙන් ඉහත කී නළය තුළින් දකුණු පොකුණට ජලය සැපයේ. වම්පස පොකුණෙහි පතුළෙහි ඇති තැනකින් දෙකෙහිම ජලය ආපසු පිටවී යාමට කටයුතු යොදා ඇත. පොකුණු දෙකෙහිම ඉතා විශිෂ්ට ගණයේ පස් පෙන නාග රූප නෙලා තිබීම ද විශේෂයකි.
ශ්‍රී ලංකාවේ හමුවී ඇති පැරණි පොකුණුවලින් ඉතාම සුන්දර නිර්මාණය කුට්ටම් පොකුණයි. පිහිටි පොළොවට වඩා පහතින් පිහිටි බිමක තනන ලද දිග හතරැස් පොකුනු දෙකක් වෙයි. එයින් එක් පොකුණක අනිකට වඩා කුඩාය. කුඩා පොකුණ අනිකට වඩා පැරණි ලක්ෂණ වලින් යුක්තය. එයින් අනාවරණය වන්නේ පොකුණු දෙකම එක්වර සැළසුම් කරවා නැති බවයි. එහි පොකුණට පිටින් ජල පෙරණයක් ද වෙයි. මේ පොකුණේම ජලය පිට කරන මාර්ගයක් ද වේ. ඊට අමතරව අනෙක් පොකුණට ජලය සපයන මාර්ගයක් ද එහි වෙයි. කුඩා පොකුණේ උතුරු පැත්තේ ඇති නාග කැටයම් ඉතා දක්ෂ ලෙස නිර්මාණය කරන ලද්දකි. ශ්‍රී ලංකාවේ වැව් හා පොකුනුවල නාග රූප කැටයම් තබා ඇත්තේ නාගයා ජලයට සම්බන්ධ නිසා විය යුතුය. ජලය නොකඩවා ලබා දිමේ හැකියාව මේ නාගයාට තිබෙන බව එකල මිනිසුන් විශ්වාස කළ බව එයින් අනාවරණය වෙයි. කුට්ටම් පොකුණේ පුන් කලස් වර්ග දෙකකි. කුඩා පොකුණේ පුන්කලස්වල හැඩයට වඩා ලොකු පොකු‍ණේ පුන්කලස්වල හැඩය වෙනස්ය. පොකුණු දෙක යුග දෙකකදී කරන බව එයින් ද ඔප්පු වේ. කලාත්මක අතින් කුඩා පොකුණේ පුන් කලස් වඩාත් කැපී පෙනේ. ඒවා අමරාවතී පුන්කලස්වලට නෑකම් කියයි. අභයගිරි විහාරයේ සෑම සංඝාරාමයකම පාහේ පොකුනු තිබේ. ඒවාට ජලය සැපයු ජල මාර්ග ද භුමියෙහි වැළලී තිබේ. දහස් ගණනක් භික්ෂුන් වාසය කළ සංඝාරාමයක සැළකිය යුතු ගිහි සේවක පිරිසක් ද සිටින්නට ඇත. ඒ සියළු දෙනාටම අවශ්‍ය ජලය මේ පොකුනු වලින් පලින් පල දක්නට ඇති ළිං වළින් ලබා ගන්නා ලදී. පොකුණුවලින් තවත් සේවයක් විය. පරිසරය තුළ ඇති උෂ්ණත්වය අඩුකිරීමට ද ඒවා උපකාරී විය. පරිසරයේ අලංකාරයට ද එයින් මෙහෙයක් ඉටුවිය. http://www.paramparikadenuma.lk/index.php?option=com_content&view=article&id=282&Itemid=150&lang=s
ඇත් පොකුණ
            

අභයගිරි භික්ෂූන් ස්නානය කළ තැනයි. දිගින් හා පළලින් අඩි 150x500 වන මෙය ආරාමික නගරයේ විශාලතම නාන පොකුණ ලෙස පිළිගැනේ. මෙම විශාල තටාකය හතරවටින් ගල් බිත්තියෙන් වට වී ඇත. අභයගිරි ස්ථූපයට නිරිත දෙස ලංකාරාමයට ආසන්නව පිහිටා ඇති විශාල පොකුණ දිගින් මිටර් 150ක් ද පළලින් 50ක් හා ගැඹුරින් මීටර් 10ක් ද වෙයි. එයට දකුණු පැත්තෙන් තවත් ජල මාර්ග දෙකක් ද වෙයි. එයින් එකක් තවමත් ඇත් පොකුණට ජලය සපයයි. එය සිදුවන‍්නේ විශාල වශයෙන් වර්ෂාව ඇති වන කාලවල දීය. පොකුණට උතුරු පැත්තේ ඇති පෙරිමියන් කුලම වැව පිරෙන විට මේ ජල මාර්ගයෙන් ජලය පොකුණට ලැබේ. 1982දී එය සිදුවන ආකාරය අපට දක්නට ලැබිණ. පොකුණේ ජලය පිට කිරීමේ ජල පෙරණයක් හා ජල නිග්ගමනාලියක් පොකුනේ දකුණු පැත්තේ නැගෙනහිර කොනේ පතුලෙහි වෙයි. පොකුණට බසින පඩි පේළි කිහිපයක්ම විය. දකුණු පැත්තේ පඩි පේළියට ආසන්න බිසෝ කොටුවක් වෙයි. එතැන දක්වා ඇති ජල මාර්ගයෙන් එන ජලය මේ කොටුවට වැටී වේගය අඩුවී පසුව ගල් කාණුවක් දිගේ ගොස් පොකුණ ඉවුරේ සවිකර ඇති ගල් පිහිල්ලට වැටේ. එම පිහිල්ලෙන් ජලය පොකුණට වැටෙන ලෙස තනා තිබේ.
http://www.paramparikadenuma.lk/index.php?option=com_content&view=article&id=117&Itemid=147&lang=siscroll back to top

 

No comments:

Post a Comment