ඓතිහාසික අනුරපුරය

එන්න ඓතිහාසික අනුරපුර අසිරිය විදින්න. ඔබට ඡය ශ්‍රී මා බෝ සමිදු පිහිටයි..................

ලංකාරාමය


           ලංකාරාමය


ලංකාරාමය අටමස්ථාන වලින් එක් ස්ථානයකි. ක්‍රි.පු.පළමු වන සියවසේ (89-77) වළගම්බා මහ රජු (වට්ටගාමිණී අභය)විසින් ඉදි කරන ලද මෙය ඓතිහාසික මුලාශ්‍ර වලට අනුව මෙම ස්ථානය සිලාසොබ්බකණ්ඨක-ගල්හෙබකඩයන නම් වලින් හදුන්වා ඇත.රජුගේ ජිවිතය බේරා දුන් සෝමා දේවිය සිහිවීම පිණිස ඉදිකරන ලඳ මෙය මුල් යුගයේ සෝමාරාම චෛත්‍ය නම් විය.පසු කාලීනව මෙය මනිසෝමාරාම -ලංකාරාමය යන නම් වලින් හදුන්වන ලද අතර මුල් කාලයේ වටදාගෙවල් අතර ප්‍රධාන තැනක් ගත් මෙය උසින් අඩි 50ක් ද වටප්‍රමාණය අඩි 150කින් ද සමන්විතය.මෙහි මුල් පෙළ ගල් කණු20ක් ද දෙවන පෙළ ගල් කණු 28 ක් ද තුන් වන පෙළ ගල් කණු 40කින් ද සමන්විත වු ගල් කණු පේළි 3ක් ද දක්නට ඇත.පොළවේ සිට අඩි 10,අගල්2 උසට කරවන ලද වෘත්තාකාර වේදිකාවක් මත ස්ථුපය තනා ඇත.මෙහි ථුපඝරයක් තිබු බවට දැනට ශේෂව ඇති ගල් කණු මගින් සනාථ වේ.
                      ලංකාරාම භූමියේ සියලු ගොඩනැගිලි අංග වට කොට ප්‍රකාරයක් දක්නට ඇත.මෙහි පිළිම ගෙයක්, බෝධිඝරයක් ,පෝය ගෙයක් ආදී අංගද දක්නට ඇත.බෝධිඝරය වෘත්තාකාර හැඩයෙන් යුක්ත වන අතර බෝධියට වැටෙන වැසි ජලය පිටතට ගෙන යාම සඳහා කරවන ලඳ ජල කාණුවක් ද හමුව ඇත.ඇතුල් මළුව අඩි 132,අගල්2ක විශ්කම්භයකින් යුතුය.

No comments:

Post a Comment