ථුපාරාමය
දැන්
අපි ථුපාරාමය ගැන දැන ගනිමු ද? මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ පාලකයා වු
දේවානම්පියතිස්ස රජතුමා විසින් (ක්‍රි.පු 250-210) බුුුුදු දහම ලක්දිවට
හදුන්වාදුන් අවස්ථාවේ මෙම ථුපය කරවන ලදී.බුදුන්වහන්සේගේ දකුණු අකුධාතුව
නිධන් කොට මෙම ථුපය සාදවා ඇත. මෙම නිධාන කිරීමත් සමග මෙරට ධාතු වන්දනාව
ඇරබුණි.
අනුරාධපුරයේ ප්‍රථමයෙන්ම ඇති වු ස්ථුපය නිසා මෙය ප්‍රථමක
චේතිය යන නමින්ද හැදින්වේ. එකල මෙම භූමිය කකුසද,කෝණාගම,කාශ්‍යප ගෞතම, යන
සතර බුදු වරුන්ගේ පාද ස්පර්ශයෙන් අති පාරිශුද්දියට ලක් වු ස්ථානයක් බව
හැදින්වේ.බුදුන්වහන්සේ තෙවන වර ශ්‍රී ලංකාවට වැඩමකරවු අවස්ථාවේ සුඵු
වේලාවක් සමාධියෙන් වැඩ හිදීමෙන් පාරිශුද්ධ හා පුජනියත්වයට පත් මෙම භුමියෙන්
ස්ථුපය තැනීමට මිහිදු මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි සිදුව ඇත.
ස්ථුය කරවීමෙන් පසුව දේවානම්පියතිස්ස රජතුමා විසින් මෙය
ප්‍රධාන කොට ගෙන සංඝාරාමයක්ද කරවිය.පසුව ථුපාරාමය නමින් ප්‍රකට වුයේ එම
සංඝාරාමයයි.
මෙම ස්ථුපය ආරම්භයේදිධාන්‍යාගාර හැඩයෙන් පැවති අතර 1862 ප්‍රතිසංස්කරණයෙන් පසු ඝණ්ඨාකාර හැඩයක් ගෙන ඇත.
ස්ථුපය පිහිටි පොළවේ සිට අඩි 11 අගල් 02 ක් උස් වු වෘත්තාකාර වේදිකාවක්
මත මැදට වන්නට පිහිටා ඇති අතර මෙම වේදිකාව වටා වළාකුළු බැම්මක් පිහිටා
ඇත.ස්ථුප මළුවට ඇතුළු වන ප්‍රධාන දොරටුව හා තවත් දොරටුවක් පිහිටා ඇත.
නැගනහිරට බරව මෙම ප්‍රධාන දොරටුව ඇති අතර අනෙක බටහිර පැත්තේ පිහිටා ඇත.
මෙහි වටදාගෙයක් තිබු බවට සනාථ කිරීම සදහා අවශේෂ වු ගල්කණු පිහිටා ඇත.වසබ
රජතුමා විසින් ක්‍රී.ව 67-111 කාලයේ මෙම වටදාගෙය සාදවා ඇත.මෙහි දැනට දක්නට
ලැබෙන ගල් කණු මානවම්ම රජතුමා කරවු ඒවා බවට විශ්වාස කෙරේ.එකිනෙකට උසින්
උසින් අඩු කුළුුණු පේළි 4 ක් වෙයි.කුළුුණු හිස් සැරසිළි මෝස්තර සහිතව සාදවා
ඇත.
ථුපයේ ප්‍රධාන දොරටුව වන නැගනහිර දොරටුව අසළ තනි ගලින් කරන ලද
ටැංකියකි.අත් පා සේදීමට හා මල් දෝවනය සදහා භාවිතා නරන ලද්දකි.ඊට ආසන්නයේ
පිහිටා ඇති ගල් අල්ලා තනන ලද ළිද නාගලු ලිද යන
නමින් හදුන්වයි.එය ථුපාරාමයේ සංඝයා සදහා බිමට ජලය ලබා ගත් ලිද විය
හැකිය.චෛත්‍යෙයේ උස අඩි 63ක් වන අතර විශ්කම්භය අඩි59කි.ථුපාරාම ථුපඝරය
මුලින් තිබුන ආකාරය අනුමාන වශයෙන් දැක්වෙන සැලැස්මක් අනුරාධපුර
කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සදහා තබා ඇත
No comments:
Post a Comment