ඓතිහාසික අනුරපුරය

එන්න ඓතිහාසික අනුරපුර අසිරිය විදින්න. ඔබට ඡය ශ්‍රී මා බෝ සමිදු පිහිටයි..................

පොසොන් පොහොය

                                     

බුද්ධ වර්ෂ 236 පොසොන් පුර පසලොස්වක පොහෝදා අනුබුදු මුහිදු මහ රහතන් වහන්සේ ලක්දිවට ථෙරවාදි බුදු සමය හදුන්වා දුන්හ. උන්වහන්සේ සමග ඉට්ඨය. උත්තිය. සම්බල. භද්දසාල යන රයතන් වහන්සේලා 4 නමක් . ෂඪ අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්. භණ්ඩුක නම් අනාගාමී උපාසකත් යන රාජකීය. ධර්මධුත පිරිස මෙහි සැපැත් වුහ.

මෙම මහින්දාගමනය සිදු වුයේ 3 වෙනි මහා ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙනි. මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රාහකත්වයෙන් පැවති එම 3 ධර්ම සංගායනාවෙන් සිදු වු මා හැගි ප්‍රතිඵලය නම් එතෙක් දඹදිව සීමිත ප්‍රදේශයක පමනක් පැවති බුදු දහම එවකට දැන සිටි රටවල් 9 ට ධර්මදුතයන් මාර්ගයෙන් ප්‍රචාරය කොට හැරීමයි. ඒ අනුව  ලක්දිව කෙරෙහි සුවිශේෂි අවධානයක් යොමු කල ධර්මාශෝක අධිරාජයා ස්වකීය පුත්‍රයා වු මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ රාජකීය දුත පිරිසක් මෙරටට පිටත්කොට හැරීය.
                        දඹදිව වේදිසගිරි නුවරින් ලක්දිව අනුරාධපුරයේ මිහින්තලයට සැපැත් දුත පිරිසට එහිදි දේවානම්පියතිස්ස රජ මුණ ගැසිනි. මිහිදු මහරහතන් වහන්සේ මහරජුට ස්වකීය ධූත පිරිස මෙසේ හදුන්වා දුන්හ.
         සමණාමයං මහාරාජා             
         ධම්මරාජස්ස සාවකා
         තමෙව අනුකම්පාය
         ජම්බුදීපා ඉධාගතා
මහරජතුමනි. ශ්‍රමණයන් වන අපි ධර්ම රාජයාණන් වු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු.නුඹලාට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු.
      දඹදිව සිට කෙසේ පැමිණිමාහු දැයි රජු ඇසු ප්‍රශ්ණයට මිහිදු මහරහතන් වහන්සේගේ ලිහිල් පිළිතුර වුයේ  දියෙන් හෝ ගොඩින් හෝ නො ආම්හ. යන්නයි.එම පිළිතුර රජු තේරුම් ගත් බැවු දත් මිහිදු මහ රහතන් වහන්සේ රජුගේ බුද්ධි මට්ටම පරික්ෂා කිරීමට ප්‍රශ්න කීපයක් ඇසුහ. ළගම තිබු අඹ ගසක් රජුට පෙන්වු මිහිදු මහ හිමි මේ කිනම් ගසක් දැයි ඇසීය. එවිට රජු මේ අඹ ගසකැයි පිළිතුරු දුන්නේ ය. මිහිදු මහ හිමි මේ අඹ ගස් හැර තවත් අඹ ගස් තිබේද?
      රජු : එසේය, බොහෝ අඹ ගස් තිබේ.
      මිහිදු මහ හිමි : මේ අඹ ගසත් අනෙක් අඹ ගසුත් හැර තවත් අඹ ගස් තිබේද?
      රජු : එසේ ය. තවත් බොහෝ ගස් තිබේ.
      මිහිදු හිමි : ඒ අඹ ගසුත් අඹ නොවන ගසුත් හැර තවත් ගස් තිබේ ද?
      රජු : එසේ ය. ඒ මේ අඹ ගසය.
බාහිර ලෝකයේ දක්නට ඇති උදාහරණයක් මුල් කරගෙන සිදු කල මෙම සාකච්චාවෙන් රජුගේ තර්ක බුද්ධිය පිළිබද සෑහිකට පත් මිහිදු හිමි පසුව විමසුවේ රජු කේන්ද්‍ර කර ගත් ප්‍රශ්නයකි.
       මිහිදු හිමි : නුඹට නෑයෝ සිටිත් ද?
       රජු : එසේ ය. බොහෝ නෑයෝ සිටි.
       මිහිදු හිමි : නොනෑයොත් සිටි ද?
       රජු : නොනෑයොත් බොහෝ සිටි.
       මිහිදු හිමි : නෑයොත් නොනැයොත් හැර තවත් අය සිටිත් ද?
       රජු : ස්වාමීනි. ඒ මම වෙමි.                   

 මෙසේ සිදු කළ විධිමත් බුද්ධි පරීක්ෂණයෙන් පසු මිහිදු හිමියනට දේවානම්පියතිස්ස රජු මනා බුද්ධිමතෙකු බව අවබෝධ විය. අනතුරුව පිරිස් සහිත රජුට ‍තෙරුවන් පිළිබදවත් බෞද්ධ චින්තනය පිළිදවත් හදුන්වාදීමට චුල්ලහත්ති පදෝපම සුත්‍රය දේශනා කලේය. දේශනාවසානයෙහි රජු ප්‍රමුඛ සතලිස් දහසක් පිරිස තෙරුවන් සරණ ගියහ.
මහින්දාගමනයේ දෙවැනි දිනයේ දී රජ ගෙදරදී  පේතවත්ථු, විමානවත්තු, සච්චසංයුත්තාදිය, මුල් කරගෙන ධර්ම සංගායනා පැවැත්වීය.
මුල් දිනයෙහි ධර්ම ධුතයන් වහන්සේලා දුටු මිනිසුන් සිය අසල් වැසියනට ඒ ගැන දැන් වු හෙයින් මෙම දෙවන දින බණ ඇසුමට දහස් ගණනින් ජනයා රජ මැදුරට එක්රැස් වුහ. ඒ සියලු දෙනාට රජ මැදුර ඉඩ මද වු හෙයින් රජු මගුල් ඇත්හල සරසා එහි අසුන් පැනවීය. ඉක්බිතිව මිහිදු මහරහතන් වහන්සේ පිළිවෙලින් දේව දුත බාල පණ්ඩිත,  ආසිවිසෝපම,  අනවතග්ගිය ධම්මචක්කප්පවත්තන යනාදි සුත්‍ර දේශනාවන් පවත්වා දහස් ගණනින් ජනයා මාර්ගඵල ලාභයට පත් කරවුහ. මිහිදු මහ හිමි ප්‍රමුඛ ධර්මධුතයන් වහන්සේලාගේ වාසස්ථානය සදහා මහමෙවුනා උයනපුජා කළ රජුන් උන්වහන්සේ සමගම එම උයන වටා ඇවිද  සීමා මාලකාදිය පිහිටවිය යුතු තැන් නියම කරවා ගත්හ. දුත පිරිස සමග සැපත් භණ්ඩුක කුමරු පැවිදි උපසම්පදා කිරීමෙන් ලංකාවේ මුල්ම උපසම්පදාවද ඇරඹිණි.
    මෙසේ අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ ථෙරවාදී බුදු සමය මෙරටට හදුන්වා දීමත් සමගම එතෙක් පැවති  සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනය වු බව මේ අනුව පැහැදිලිය. මහින්දාගමනය ලක්වැසි ජනතාවට නව ජීවන දර්ශනයක් හදුන්වා දුන් වැදගත්ම ඓතිහාසික සිදුවීම වේ. මෙහිදී මිහිදු මා හිමි සිදු කලේ ප්‍රාග් බෞද්ධ යුගයේ ලංකාවේ පැවති සංස්කෘතිය වටහාගෙන එහිම හරවත් පරිවර්තනයක් සිදු කිරීමයි.මෙහි ප්‍රතිඵලය වුයේ එකල වෟක්ෂ දේවතාවුන් ඇදහුවෝ බෝධි වන්දනාව හා බෝධි පුජා සිදු කිරිමට පෙළබුණි. ගිණි දෙවියන් පිදුවෝ බුදුරදුන් පිදුහ. මළවුන් ඇදහු අය මළවුන්ට පින් අනුමෝදන් කරවීමෙන් එම යුතුකම් සිදු කළය. ගල් පර්වත වලට වන්දනා මාන සිදු කලෝ චෛත්‍ය හා බුදු පිළිම වලට වන්දනා කිරීමෙන් ස්වකීය අධ්‍යාත්මික පාරිශුද්දත්වය සලසා ගත්හ. දෙවියන් ඇදහු අය දෙවියන්ට පිං දීමට පුරුදු වුහ. මේ අනුව පැහැදිලි වන්නේ අනවබෝධය නිසා යම් යම් නිරර්ථක ආගමික සංස්කාරක විධීන් හුරු පුරුදු වු ජනතාව බුද්ධියේ නිම් වළලු පුළුල් වීමත් සමගම හරවත් ආමිස හා ප්‍රතිඵත්ති පුජාදිය කෙරෙහි කෙමෙන් කෙමෙන් නැඹුරු වු බවයි. අප ශ්‍රී ලංකාද්වීපයේ භාෂා සාහිත්‍ය, චිත්‍ර මුර්ති කැටයම් ගෘහ නිර්මාණ ශිල්පය යනාදියෙහි පදනම මහින්දාගමනයයි.  අප සිංහල අක්ෂර සම්ප්‍රදාය ද තත්වයට හැඩ ගැසුණේද එහි ප්‍රතිඵලයක් ලෙසයි.මහින්දාගමනයෙන් පසුව සංඝමිත්තා රහත් තෙරණිය ශ්‍රී මහා බෝධීයේ දක්ෂිණ ශාඛාවත් සමග සිරි ලකට වැඩමවීම නිසාද අපට උරුම  වු සංස්කෘතික දායාද රාශියකි.තවත් අතකින් බැලු කල මහින්දාගමනයත් සමගම අපට උරුම වුයේ එවකට ලෝකයේ පැවති විශිෂ්ඨතම කළා සම්ප්‍රදාය වු මෞර්ය කලා සම්ප්‍රදායයි.බෞද්ධ කලාවේ පෝෂණයට ඉන් ලැබුණේ සුවිශේෂි දායකත්වයකි.
      සදකඩ පහණ වාහල්කඩ වැනි කලා නිර්මාණ සේම මහා කලු ගල් වලට පණ පෙවු සමාධි පිළිමය  අවුකන පිළිමය වැනි විශ්ව කළාවේ සමතැන් ගන්නා අග්‍රගන්‍ය කලා කලා කෘතිය නිම වුයේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙසයි. මහින්දාගමනයත් සමග වැවයි දාගැබයි කෙතයි යන සංස්කෘතික සබැදියාවත්,ථෙරවාදී බුදු සමයේ කේන්ද්‍රස්ථානය ලංකාව බවට පත් වීමත් අපගේ අනන්‍යතා ලක්ෂණ මනාව මුර්තිමත් වන අවස්ථාවන් ලෙස නම් කළ හැක. මහින්දාගමනයත් සමගම අපට උරුම වු කළා නිර්මාණ මතු අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීම සදහා ක්‍රියා කිරීමට මෙම පොසොන් පොහොදා අපි තරයේ අදිටන් කර ගනිමු.
                        මෙම අසිරිමත් පොසොන් උත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් අනුරාධපුර නගරයේ  පැවැත් වෙන අතර සැදැහැති ජනතාව වන්දනා මාන කර ගැනීමට නොයෙක් දෙසින් අනුරපුර නගරයට පැමිනෙති. ජනතාවගේ සිත් සතන් ඒකාලෝක කිරීමේ අරමුණින් මේ ප්‍රදේශයේ සෑම පුජා භූමියකම පාහේ සීල ව්‍යාපාර, භාවනා වැඩ සටහන්, ධර්ම දේශනා, ධර්ම සාකච්චා, ආලෝක පුජා ආදී නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක වේ. අනුරපුර උත්කර්ෂවත් අන්දමින් පවත්වන මෙම පොසොන් උත්සවය දැක බලා ගැනීමට ආගමික කටයුතු වලට සම්බන්ධ විමට පැමිනෙන ජනතාවගේ විඩාව සංසිදවීම සදහා දහස් සංඛ්‍යාත නොයෙක් ආකාර දන්සල් භක්ති ගීත වැඩ සටහන් තොරන් අපට දැකගත හැක. එක්රැස් වන ජනතාවගේ ප්‍රමාණය අධික වීම නිසාම නොමිලේ ප්‍රවාහන සේවා ද මෙම පොසොන් සතිය තුල අනුරපුර නගරයේ දක්නට ලැබේ.මෙම ඓතිහාසික නගරයට පැමිනෙන ඔබ මෙම පුජා භුමිය වන්දනාමාන කර ගන්නා අතරම එය පිරිසිදුව තබා ගැනීමටද කාරුණික වන්න.

No comments:

Post a Comment