ඓතිහාසික අනුරපුරය

එන්න ඓතිහාසික අනුරපුර අසිරිය විදින්න. ඔබට ඡය ශ්‍රී මා බෝ සමිදු පිහිටයි..................

රුවන්වැලි සෑය


            රුවන්වැලිසෑය


දුටුගැමුණු රජතුමා විසින් (ක්‍රි.පු.161-137) කරවන ලද්දකි. එවකට අඩි 240 ක් උස ස්ථුපයෙහි සර්වඥ ධාතු විශාල සංඛ්‍යාවක් නිධන් කොට ඇති බවට වාර්ථා වෙයි.සිංහලයේ ප්‍රථම ජාතික වීරයා වු දුටුගැමුණු රජු විසින් කරවන ලද ස්ථුපයක් වීම නිසා ජාතික වහයෙනුත් මේ සඳහා වැදගත්කමක් හිමිව ඇත. තවද රැවන්වැලිසෑය පිහිටා ඇත්තේ මෙම භද්‍ර කල්පයෙහි පහළ වු කකුසඳ,කෝණාගම,කාශ්‍යප,ගෞතම යන සතර බුදුවරැන්ගේ බාද ස්පර්ශය ලැබු බිමක වීමද විශේෂත්වයකි.
                       දුටුගැමුණු රජතුමාහට මෙම ස්ථුපයේ සියළුම වැඩකටයුතු නිම කිරීමට හැකි වුයේ නැත. එතුමා අතින් මෙහි ගර්භය දක්වා වැඩ නිම කෙරුණි. හුණු පිරියම් කරවා හතරැස් කොටුව හා ජත්‍රය ද ඇත් පවුරද කරවන ලද්දේ දුටුගැමුණු රජුගේ සොහොයුරු වන සද්ධාතිස්ස රජතුමා විසිනි.මෙහි සලපතළ මළුව පිළියෙල කරනු ලැබුවේ ලජ්ජතිස්ස රජතුමා විසිනි.සලපතල මළුවේ ඇති කුඩා ගල් ස්ථුපය නිශ්ශංකමල්ල රජු විසින් කරවන ලද්දකි.
                මහා ථුපය,ස්වර්ණමාලි,රත්නමාලි යන නම් වලින්ද මෙම ස්ථුපය හදුන්වනු ලබයි.සද්ධාතිස්ස රජුගේ කාලයෙන් පසුව සිටම සිංහල රජවරු විටින් විට මෙම ස්ථුපය ප්‍රතිසංස්කරණය කොට නවාංග එක් කිරීම සිදු කොට නඩත්තු කොට ඇත.
          චෝල ආක්‍රමණවලින් ස්ථුපය සහිත විහාරාරාමයද එකල විනාශ වී ඇත.නැවත රට එක්සේසත් කිරීමෙන් පසු මහා පරාක්‍රමබාහු රජු විනාශ වී ගොස් පැවති ස්ථුපය මුලින් පැවති සේ ප්‍රකෘතිමත් කර ඇත.
       රුවන්වැලි සෑ මළුවේ දකුණු පැත්තේ ගලින් කළ රජ රූපයක් වෙයි.එය භාතිය රජුගේ යැයි කියනු ලැබේ.මළුවේ නැගෙනහිර පැත්තේ පවුරට පිටුපා ස්ථුපය දෙසට වැදගෙන ඉන්නා රූපය දුටුගැමුණු රජතුමාගේ යැයි කියනු ලැබේ.තවද රුවන්වැලි සෑ මළුවේ විහාරගෙයි ඉදිරියෙහි පැරණි හුණු ගල් හිටි බුදු පිළිම හතරක් වෙයි.මේවා අතීත සිව් බුදුවරුන්ගේ යැයි කියනු ලැබේ.
                            1873 දී නාරන්විට සුමනසාර හිමි විසින් වල් බිහි වී ගරා වැටී පැවති චෛත්‍යෙයේ වැඩ කටයුතු ඇරඹීම සඳහා ධෛර්ය සම්පන්නව ඉදිරිපත් විය.1902 වන තෙක් බැතිමතුන්ගේ උපකාර හා පුද්ගලික මට්ටමින් ප්‍රතිසංස්කරණය කෙරුණි.මෙය 1902 සිට රත්නමාලී චෛත්‍ය සංවර්ධන සමිතිය මගින් වැඩ කටයුතු සිදු කොට 1940ජුනි 17 කොත පලන්දවන ලදි. කොත මුහුණෙහි ඇති චුඩාමාණික්‍ය බුරුම රටින් ලැබුණු එකකි.  
             ප්‍රතිසංස්කරණ ආරම්භ කරන විට උස අඩි 155 තිබු චෛත්‍ය ප්‍රතිසංස්කරණ වලින් පසු අඩි 338 කි.පරිමාණය අඩි 942කි. රන් ආලේපිත කොතෙහි උස අඩි 24 කි.
              වාහල්කඩ චෛත්‍යට අලංකාරයක් ගෙන දෙන අතර මෙය මුලින් හැදින්වු නම ආයක” විය.වාහල්කඩ අනර්ඝ කැටයම් වලින් සරසා ඇත.ඇත්,අස්,පලාපෙති,ලීස්තර,බොරදම්,මකරහිස් නොයෙක් ලියවැල් ද රුවන්වැලිසෑ වාහල්කඩෙහි දක්නට ඇත.
         වෙනත් කිසිම චෛතයක මීට සමාන ධාතූන් වහන්සේලා ප්‍රමාණයක් නිධන් කොට නොමැති නිසා මෙම දාගැබට අසදෘශ මහා ස්ථුපය යැයි නම් විය.
                                              

                                           චුඩාමාණික්‍ය

රුවන්වැලිසෑයේ චුඩාමාණික්‍ය සඳහා ප්‍රමාණවත් තරමේ පළිගුවක් ලංකාවේ නොමැති නිසා බුරුම ජාතික යු.විනයාලංකාර හිමියෝ බුරුම දේශයෙන් සුදුසු පළිගුවක් සොයා ගෙන ලංකාවට ගෙනවිත් එය අවශ්‍ය පරිදි කැප්පවීමට නැවත බුරුමයට ගෙන ගොස් එය ප්‍රමාණවත් නොවු නිසා නැවත පළිගුවක් සොයා ගෙන අවශ්‍ය පරිදි නිර්මාණය කරවන ලදි.
         එහි අලංකාරය පිණිස ආධාරකයක් සකස් කරවන ලදි.එම ආධාරකය රිදියෙන් නිමවා ඒ මත රත්‍රන් රාත්තල් 12 ක් යොදා අලංකාර කරන ලදි. රිදී රාත්තල් 114 කි.මුළු බර රාත්තල් 156 කි.චුඩාමාණික්‍යෙය් මුළු උස අගල් 31 කි.පළිගුවේ උස අගල් 18කි. බර රාත්තල් 66 කි.වට ප්‍රමාණය අගල් 26කි. ආධාරකයේ ඔබ්බවා ඇති වටිනා මැණික් ගල් සංඛ්‍යාව 4350කි.බුරුමයේ සිට පුද පෙරහැරින් වැඩමවා 1940 ජුනි 10 දින අති උත්සවශ්‍රීයෙන් රත්නමාලි මහාසෑයේ පළදවන ලදි

No comments:

Post a Comment