ඓතිහාසික අනුරපුරය

එන්න ඓතිහාසික අනුරපුර අසිරිය විදින්න. ඔබට ඡය ශ්‍රී මා බෝ සමිදු පිහිටයි..................

අනුරාධපුරය ආශ්‍රීත පොකුණු



අනුරාධපුරය ආශ්‍රීත පොකුණු
කුට්ටම් පොකුණ
                                 

කුට්ටම යනු යුගලයයි. කුට්ටම් පොකුණ ද පොකුණු දෙකකින් සමන්විත වූවකි. ඒ නිසාම එම නාමය ලද බව සිතිය හැකිය. අභයගිරි විහාරික භික්ෂූන්ගේ ප්‍රයෝජනය උදෙසා තැනුවේ යයි විශ්වාස කෙරෙන කුට්ටම් පොකුණෙහි පොකුණු දෙක එකම අවස්ථාවක ඉදිකළේ යැයි පිළිගත නොහැකිය. වම්පස පොකුණෙහි ශෛලමය පියගැට 20ක් වන අතර දකුණුපස පොකුණෙහි ඇත්තේ පියගැට 18 කි. වම්පස පොකුණ අඩි 91 ක් දික්වන අතර දකුණුපස පොකුණ අඩි 132 ක් දිගය. ඒවා පිළිවෙලින් අඩි 14ක් හා 17ක් පළලය. පොකුණු දෙක අතර ඇති පරතරය අඩි 9කි. ඒවා සම්බන්ධ වන නළයක් ඇති අතර පළමුව ජල සැපයුම ලබා ගන්නා වම්පස පොකුණෙන් ඉහත කී නළය තුළින් දකුණු පොකුණට ජලය සැපයේ. වම්පස පොකුණෙහි පතුළෙහි ඇති තැනකින් දෙකෙහිම ජලය ආපසු පිටවී යාමට කටයුතු යොදා ඇත. පොකුණු දෙකෙහිම ඉතා විශිෂ්ට ගණයේ පස් පෙන නාග රූප නෙලා තිබීම ද විශේෂයකි.
ශ්‍රී ලංකාවේ හමුවී ඇති පැරණි පොකුණුවලින් ඉතාම සුන්දර නිර්මාණය කුට්ටම් පොකුණයි. පිහිටි පොළොවට වඩා පහතින් පිහිටි බිමක තනන ලද දිග හතරැස් පොකුනු දෙකක් වෙයි. එයින් එක් පොකුණක අනිකට වඩා කුඩාය. කුඩා පොකුණ අනිකට වඩා පැරණි ලක්ෂණ වලින් යුක්තය. එයින් අනාවරණය වන්නේ පොකුණු දෙකම එක්වර සැළසුම් කරවා නැති බවයි. එහි පොකුණට පිටින් ජල පෙරණයක් ද වෙයි. මේ පොකුණේම ජලය පිට කරන මාර්ගයක් ද වේ. ඊට අමතරව අනෙක් පොකුණට ජලය සපයන මාර්ගයක් ද එහි වෙයි. කුඩා පොකුණේ උතුරු පැත්තේ ඇති නාග කැටයම් ඉතා දක්ෂ ලෙස නිර්මාණය කරන ලද්දකි. ශ්‍රී ලංකාවේ වැව් හා පොකුනුවල නාග රූප කැටයම් තබා ඇත්තේ නාගයා ජලයට සම්බන්ධ නිසා විය යුතුය. ජලය නොකඩවා ලබා දිමේ හැකියාව මේ නාගයාට තිබෙන බව එකල මිනිසුන් විශ්වාස කළ බව එයින් අනාවරණය වෙයි. කුට්ටම් පොකුණේ පුන් කලස් වර්ග දෙකකි. කුඩා පොකුණේ පුන්කලස්වල හැඩයට වඩා ලොකු පොකු‍ණේ පුන්කලස්වල හැඩය වෙනස්ය. පොකුණු දෙක යුග දෙකකදී කරන බව එයින් ද ඔප්පු වේ. කලාත්මක අතින් කුඩා පොකුණේ පුන් කලස් වඩාත් කැපී පෙනේ. ඒවා අමරාවතී පුන්කලස්වලට නෑකම් කියයි. අභයගිරි විහාරයේ සෑම සංඝාරාමයකම පාහේ පොකුනු තිබේ. ඒවාට ජලය සැපයු ජල මාර්ග ද භුමියෙහි වැළලී තිබේ. දහස් ගණනක් භික්ෂුන් වාසය කළ සංඝාරාමයක සැළකිය යුතු ගිහි සේවක පිරිසක් ද සිටින්නට ඇත. ඒ සියළු දෙනාටම අවශ්‍ය ජලය මේ පොකුනු වලින් පලින් පල දක්නට ඇති ළිං වළින් ලබා ගන්නා ලදී. පොකුණුවලින් තවත් සේවයක් විය. පරිසරය තුළ ඇති උෂ්ණත්වය අඩුකිරීමට ද ඒවා උපකාරී විය. පරිසරයේ අලංකාරයට ද එයින් මෙහෙයක් ඉටුවිය. http://www.paramparikadenuma.lk/index.php?option=com_content&view=article&id=282&Itemid=150&lang=s
ඇත් පොකුණ
            

අභයගිරි භික්ෂූන් ස්නානය කළ තැනයි. දිගින් හා පළලින් අඩි 150x500 වන මෙය ආරාමික නගරයේ විශාලතම නාන පොකුණ ලෙස පිළිගැනේ. මෙම විශාල තටාකය හතරවටින් ගල් බිත්තියෙන් වට වී ඇත. අභයගිරි ස්ථූපයට නිරිත දෙස ලංකාරාමයට ආසන්නව පිහිටා ඇති විශාල පොකුණ දිගින් මිටර් 150ක් ද පළලින් 50ක් හා ගැඹුරින් මීටර් 10ක් ද වෙයි. එයට දකුණු පැත්තෙන් තවත් ජල මාර්ග දෙකක් ද වෙයි. එයින් එකක් තවමත් ඇත් පොකුණට ජලය සපයයි. එය සිදුවන‍්නේ විශාල වශයෙන් වර්ෂාව ඇති වන කාලවල දීය. පොකුණට උතුරු පැත්තේ ඇති පෙරිමියන් කුලම වැව පිරෙන විට මේ ජල මාර්ගයෙන් ජලය පොකුණට ලැබේ. 1982දී එය සිදුවන ආකාරය අපට දක්නට ලැබිණ. පොකුණේ ජලය පිට කිරීමේ ජල පෙරණයක් හා ජල නිග්ගමනාලියක් පොකුනේ දකුණු පැත්තේ නැගෙනහිර කොනේ පතුලෙහි වෙයි. පොකුණට බසින පඩි පේළි කිහිපයක්ම විය. දකුණු පැත්තේ පඩි පේළියට ආසන්න බිසෝ කොටුවක් වෙයි. එතැන දක්වා ඇති ජල මාර්ගයෙන් එන ජලය මේ කොටුවට වැටී වේගය අඩුවී පසුව ගල් කාණුවක් දිගේ ගොස් පොකුණ ඉවුරේ සවිකර ඇති ගල් පිහිල්ලට වැටේ. එම පිහිල්ලෙන් ජලය පොකුණට වැටෙන ලෙස තනා තිබේ.
http://www.paramparikadenuma.lk/index.php?option=com_content&view=article&id=117&Itemid=147&lang=siscroll back to top

 

                             අනුරාධපුරය ආශ්‍රිත වැව්

   01       අභය වැව (බසවක්කුලම)


අභය වැව පණ්ඩුකාභය රජතුමා විසින් (ක්‍රි.ව 377-307) ඉදිකරවන ලද්දකි. වර්ෂ 1874 කරනු ලැබු ප්‍රතිසංස්කරණයෙන් පසුව වැව් ප්‍රමාණය අක්කර 235 කි. ජල ප්‍රමාණය අක්කර අඩි 1580 කි.වැවේ ගැඹුර අඩි පහලව හමාරක් ද වැව් කන්දේ දිඟ  තිසාවැවේ පහල සොරොව්වේ සිට සැතපුම් කාලකි. අභය වැවේ සොරොව්ව ගණන එකක් ද වාන් ගණන එකක් ද වේ. වපසරිය අක්කර 1000කි.


අඩි 2514 ක් උසැති සුප්‍රසිද්ධ රිටිගල කඳු වැටියෙන් ආරම්භව දඹුල්ල හා අනුරාධපුර ප්‍රදේශ හරහා ගලා ගොස් මැදවච්චිය පසුකර සීලාවතුර අසන්නයෙන් මන්නාරම් බොක්කට ලගාවන මල්වතු ඔයේ සම්පූරණ දිග සැතපුම් 104 ක් වේ. මෙහි මුල් කොටස අරුවි ආර ලෙස හැඳින්වෙන අතර මෙය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ගංඟා ද්‍රෝණිය වේ.
ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ දී අනුරාධපුරය සිය අගනුවර කරගත් ප්‍රථම රජ වූයේ පණ්ඩුකාභය රජතුමාය. කුඩා කල තමා මරා දැමීමට උත්සාහ කල මාමාවරු කිහිපදෙනෙකු හා සටන් වැද ඔවුන් මරා රජ වූ එතුමා තැන වූ පළමු වැව බසවක්කුලමයි. එකල පණ්ඩුකාභය රජතුමා එය නම් කලේ සිය නමේ කොටසක් ගෙන අභයවාපීලෙසිනි. වසර 70 ක් රජකම් කල පණ්ඩුකාභය රජතුමා තැන වූ අභය වැව පසු කාලයක බසවක්කුලම නමින් භාවිතයට ගැනුනු බව කිය වේ. එය ශ්‍රී ලංකාවේ තනන ලද ප්‍රථම වැව ලෙසින් පිළිගැනීමට ලක්ව ඇත. එසේම පණ්ඩුකාභය රාජ්‍ය සමය වාරි කර්මාන්ත ක්ෂේත්‍රයෙහි ආරම්භයක් සනිටුවහන් කල යුගයක් ලෙස ප්‍රකටය. කෙසේ වුවද දැනට මතුව ඇති පුරාවිද්‍යාත්මක සහ වෙනත් සාධක මත ශ්‍රී ලංකාවේ වාසය කල ආදි හෙළයන්ගේ විස්මිත වාරි කර්මාන්තයට වසර 3000 ටත් වඩා දීර්ඝ උරුමයක් ඇති බව තහවුරු වෙමින් පවතී.
අක්කර 265 ක ප්‍රදේශයක් පුරා පැතිර පවතින අක්කර අඩි 1910 ක ධාරිතාවකින් යුතු බසවක්කුලම වැවේ, වැව් බැම්මේ දිග අඩි 3900 ක් වේ. වැවේ සාමාන්‍ය ගැඹුර අඩි පහළොව හමාරක් (15 ½) වේ. අක්කර 460 ක වපසරියකින් යුතු වැවට ඇත්තේ එක් සොරොව්වක් පමණය. විවර නමයකින් යුතු අඩි 100 ක් දිග සැකිල්ලකින් සමන්විත ස්වාභාවික වානක් ද වැවට අයත්ය. වැවේ පෝෂිත ප්‍රදේශය වර්ග සැතපුම් තුන හමාරක් (3 ½) වුව ද තිසා වැවෙන් ද අමතර ජල සැපයුමක් පවතී. පැරණි වැව නැවත ප්‍රතිස්ථාපනය කර ඇත්තේ එවකට රුපියල් 69,591 ක මූලික වියදමකිනි. ඒ 1874 තරම් ඉහත වසරකදීය.
බසවක්කුලම වැවේ ජල සැපයුම මඟින් අමතර අක්කර 916 ක් සඳහා වාරි පහසුකම් සපයා තිබේ. එහෙත් වැවේ වැදගත්ම කාර්යයභාරය වී ඇත්තේ නගරවාසීන්ගේ සහ වන්දනා කරුවන්ගේ ප්‍රජා අවශ්‍යතාවයන් සඳහා ජලය සැපයුම බව පැහැදිලිය. ඒ සඳහා නිරන්තරයෙන් ම අඩි 5 ක් උසට ජලය රඳවා ගැනීමට කටයුතු කෙරේ. අනෙකුත් වන්දනා සමයන්හි මෙන්ම විශේෂයෙන් ම පොසොන් වන්දනා සමයන්හි ලක්ෂ සංඛ්‍යාත වන්දනා කරුවන්ගේ ජල අවශ්‍යතාවයන් සපුරාලීමට බසවක්කුලම වැව මහත් සේ දායක වන බව සඳහන් කල යුතුව ඇත. අපේ රටේ තැනුනු ප්‍රථම වැව ද තවමත් අප රටේ ජනතාවට මහඟු සේවයක් සලසමින් ජීවමානව පැවතීම අපේ අභිමානවත් වාර ශිෂ්ටාචාරයේ තිරසාර බවට කදිම සාක්ෂියකි. එසේම එය ජාතියක් ලෙස නිවහල් ව හිස කෙලින් තබා ගෙන සිටීමට හැකි උරුමයක් ලෙස ලොවට ම පෙන්වා දිය හැකි ජීවමාන සාධකයකි
http://www.irrigationmin.gov.lk/web/index.php?option=com_content&view=article&id=123%3Abasawakkulama-wava&catid=85%3Awonder-of-a-tank&Itemid=88&lang=si

02 තිසා වැව


ක්‍රි.පු. 300 දී දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන ලද මෙම විශාල වැවේ ධාරිතාව අක්කර 2500 කි. අනුරාධපුරය රාජධානිය වීමෙන් පසු එහි පැවති රාජකීය සහ ආගමික උත්සව වලට දිය ලබා ගත් ජල තටාකයක් ලෙස සලකන ලද වැවකි. 
                    ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ කටයුතු සඳහා භාවිතා කලේ තිසා වැවේ ජලයයි.තිසා වැවෙන් ශ්‍රී මහා බෝධිය දක්වා ජලය ගෙන යන උමං දිය ඇල්ලක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සොයා ගන්නා ලදි.
      සැතපුම් 54 ක් දුර ජය ගඟ නම් ඇලක් මගින් තිසා වැවට ජලය ගෙන යයි. සව්වැනි මිහිදු රජුගේ සෙල්ලිපියක තිසා වැවේ ජලය පරිහරණය කිරීම පිළිබඳව නීති රීති දක්වා ඇත.මින් වඟා බිම් ප්‍රදේශ අක්කර 910 ආවරණය වන අතර උපරිම ජල ධාරිතාවය අක්කර අඩි 3215 කි.

03 නුවර වැව


“ නකරවාචි“  නමින් සදහන් වෙන නුවර වැව පණ්ඩුකාභය රජතුමා විසින් ඉදිකරවන ලද්දකි. නාච්චාදුව වැව සහ නුවර වැව සම්බන්ධ කරන ඇලක් ක්‍රි.ව 535 දී පමණ දෙවැනි මුගලන් රජු විසින් ඉදි කරවන ලදි. වැවේ ධාරිතාවය හතරැස් සැතපුම් 325 කි. ධාරිතාව අක්කර අඩි36049 කි. 
               නුවර වැව 1887 දී ප්‍රතිසංස්කරණය කරන ලදි.වැව් බැම්මේ දිග අඩි 1 100කි. දකුණු ඉවුරු සොරොව්වේ ජල මට්ටම අඩි 21 කි. මඩ සොරොව්වේ ජල මට්ටම අඩි 23 කි.

               අනුරාධපුර වන්දනාවේ එන  ඔබ මේ පිළිබදත් අවදානය යොමු කරන්න.

 ඔබ වැව් වල සිරිය නරඹන අතරම එවායෙන් දිය නෑම සඳහා බැසීමේදි තමන්ගේ ජිවිත සුරක්ෂිත භාවය පිළිබඳ අවධානය යොමු කරන්න. අවධානම් සහිත ස්ථාන ඇති බැවින් වැව ආශ්‍රිත ප්‍රදේශයන්හී දී ඇති උපදෙස් පිළි පදින්න.විශේෂයෙන්ම සොරොව්ව ආශ්‍රිතව හා ගැඹුරු ස්ථාන වල දිය නෑමට බැසීමෙන් වලකින්න.දියට බැසීමේදි පොදු ස්ථාන පමණක් භාවිත කරන්න.